• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උද්ඝෝෂණ කර ආණ්ඩු පෙරලන්න අදහස් තිබේනම් රටට කරන විශාල අපරාධයක් – රාජ්‍ය ඇමැති තාරක

8 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින තත්වය තේරුම්ගෙන සියලුදෙනා රටේ අනාගතය වෙනුවෙන් කැපවීම් කර මෙම අවස්ථාවේ කටයුතු කළයුතු බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, “මේ දිනවල යම්කිසි විදිහට වියළි කාලගුණ තත්වය උදාවෙලා තිබෙනවා. මේ උදාවෙලා තිබෙන මේ වියළි කාලගුණ තත්වය නිසා රජය ඒ ජලය කළමනාකරණය මුල්තැනකට ඇවිත් තිබෙන්නේ. වි‍ශේෂයෙන්ම ඊයේ ඒ ගත්ත කැබිනට් තීන්දුව ඉතාම වැදගත් වෙනවා. නමුත් අපි මෙය කළමනාකරණය කරනකොට දෙපැත්තක් බලන්න ඕන. එක පැත්තකින් ගොවියන්ට එම සහන දෙන්නේ කොහොමද කියලා. ඊයේ ගත්ත තීන්දුව අනුව අක්කර හැත්තෑ දාහක් විතර යම්කිසි විදිහකට බේරගන්න පුළුවන් කියලා කෘෂිකර්ම ඇමතිතුමා කිව්වා. ඊට අමතරව ගිය මාසය වන විට සංචාරකයෝ එක්ලක්ෂ හතළිස් දාහක් පමණ රටට ඇවිත් තිබෙනවා. ඊට සාපේක්ෂව ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම මේ සංචාරකයෝ පැමිණියේ 2018 දෙසැම්බර්වල. මේ විදිහට දිගටම පැවැත්වුවොත් මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට දෙලක්ෂ පනස්දහ ඉක්මවා මාසයකට ඒ සංචාරකයෝ පැමිණේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ කාලයේදී ඒ විදුලිය විශේෂයෙන්ම මේ දකුණු පළාතට දෙන එක ඉතාමත් වැදගත් වෙනවා. රජයට අද මෙම ගැටලුව කළමනාකරණය කරන්න තමයි තිබෙන මූලික ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. මේ ආර්ථික තත්වය යම්කිසි මට්ටමකට වර්ධනය කරන්න නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉක්මණට කරන්න වෙනවා. අපි විශ්වාස කරනවා ඔක්තෝම්බර්, නොවැම්බර් වෙන කොට ඒ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න පුළුවන් වෙනවා. මූලික ප්‍රශ්නය තමයි මේ ආධාර, ණය ගන්න හැකියාවක් නැහැ ණය ගෙවන්න බැරි නම්. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගත්තොත් විතරයි අපිට ඒ සංවර්ධන කටයුතුවලට නැවතවතාවක් මුල්තැන දෙන්න පුළුවන් වන්නේ. ඒ වගේම විදේශ අමාත්‍යාංශයෙන් අද ජාත්‍යන්තරයත් එක්ක තිබෙන සබඳතා ඉතාමත් ඉහළ තැනක තිබෙනවා. අපි දැක්කා සමහර ආණ්ඩුවලදි ඒ සමහර රටවල් එක්ක ගැටලු තිබුණා. නමුත් අද ඉන්දියාවත් එක්කත් චීනයත් සමඟත් බටහිර රටවල් සමඟත් මැද පෙරදිග රටවල් එක්කත් ඒ සියලුම රටවල් සමඟ හොඳ මිත්‍ර විදේශ ප්‍රතිපත්තියකුත් අපේ රටට පවත්වගන්න පුළුවන්වෙලා තිබෙනවා. මෙයත් යම්කිසි විදිහකට එක හේතුවක් වෙනවා ඉදිරියේදී රටේ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නත්. ඒ වගේම ජනතා මතයක් තිබෙනවා අපි කුමන මැතිවරණයකට යන්නේ කියලා. මම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන පුද්ගලයෙක් විදිහට මේ මැතිවරණ වෙලාවට පවත්වන්න අවශ්‍යයි. හැබැයි කෙසේවෙතත් දේශපාලන වශයෙන් බැලුවොත් මම විශ්වාස කරනවා ජනාධිපතිවරණයක් පැවැත්වීම තමයි සුදුසුම මැතිවරණය කියලා. ජනාධිපතිවරණ මැතිවරණයක් පවත්වන්නේ නැතිව පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් පැවැත්තුවොත් එහෙම එයින් ඊලඟට පාලනය කරන ආණ්ඩුවට බහුතරයක් තිබේද ? නැත්ද කියන එක අපිට සැකයක් තිබෙනවා. මෙවෙනි කාලයක් තුළදි මොන ආණ්ඩුවක් බලයට පත්වුණත් ඒ පාර්ලිමේන්තු බහුතරයක් තිබිය යුතුයි මේ රට පාලනය කරන්න නම්. ඒ නිසා මගේ පෞද්ගලික මතය තමයි ජනාධිපති මැතිවරණයක් තමයි මුලින්ම පවත්වන්න ඕන කියලා. අද රට ඉතා අමාරු තත්වයක තමයි තිබෙන්නේ. මෙතනදි කල්ලි ගැසිමක් වගේ දෙයක් තමයි මම දකින්නේ. සමහර අවස්ථාවලදි සමහර පිරිස් සමහර පිරිස්ව පොළඹවලා එක එක්කෙනාගේ අයිතිවාසිකම් දිනාගන්න කොහොමද කියලා විතරයි බලන්නේ. සමස්ථයක් හැටියට රට කොහොමද දියුණු වෙන්නේ කියලා බලන්නේ නැහැ. අපිට දීර්ඝ ගමනක් යන්න තිබෙනවා මේ රට හරි මාර්ගයට ගන්න නම්. ආපහු කට්ටියව පොළඹවලා , උද්ඝෝෂණ කරන්න කියලා ආණ්ඩු පෙරලන්න අදහස් තිබෙනවා නම් රටට කරන විශාල අපරාධයක් විදිහට මම දකින්නේ. මෙහෙම වුණොත් අපිට අවුරුදු 20 ක් 30ක් යනකන්වත් අපිට ඔලුව උස්සන්න බැරිවෙනවා. ඒ හින්දා අපි මේ ඉන්න තත්වය මොකක්ද කියන එක තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ තත්වය තේරුම් අරගෙන ඒ සියලුදෙනාම රටේ අනාගතය වෙනුවෙන් කැපවීම් කරලා මේ අවස්ථාවේ කටයුතු කරන්න වෙනවා. ඒ නිසා ජනතාවටත් මේ සියලුදෙනාටම ඉවසීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

 

Post Views: 1
Previous Post

හානී වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් – කෘෂි ඇමැති මහින්ද

Next Post

රතු කුරුසිය අපහාස නඩු දමයි

editor

editor

Next Post

රතු කුරුසිය අපහාස නඩු දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved