27 April 2024
#දේශීය

රතු කුරුසිය අපහාස නඩු දමයි

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කීර්ති අවසාන වරට පැවැති නිලවරණයේදී තනතුරු අහිමි වූ පිරිසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගෞරව නාමයට හානි කරමින් මාධ්‍යයන් ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව අධිකරණයට යාමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය තීරණය කරයි.

පසුගියදා 07 වනදා රැස් වූ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ප්‍රකාශක නවීන්ද්‍ර සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හිටපු මධ්‍යම පාලක මණ්ඩල සාමාජික සුනිල් දිසානායකට එරෙහිව මේ වන විටත් නිතිමය කටයුතු ආරම්භ කර තිබේ. හිටපු ජාතික ලේකම් වූ සෙල්ලහැන්නදිගේ නිමල් කුමාර්ට හා හිටපු මුදල් කොමිසමේ සභාපති පියුම් ප්‍රසන්න දසනායකට එරෙහිව , ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කිර්තිනාමයට හානි සිදුකිරිම , වැරදි තොරතුරැ සමාජගත කිරිම හා සිදුකර ඇති තවත් වැරදි සම්බන්ධයෙන් නීතිමය කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරිමට 07 වනදා රැස්වු මධ්‍යම පාලක මංඩලය ඒකමතිකව තිරණය කර ඇතැයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *