• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොදු මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස්කිරීම අනිවාර්යයි – ඇමති ප්‍රසන්න

22 January 2024
in දේශීය, පුවත්
පොදු මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස්කිරීම අනිවාර්යයි – ඇමති ප්‍රසන්න
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

නිලධාරීන්ගේ හිතුමනාපයට නොව පොදු මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම අනිවාර්ය බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සෙනසුරාදා (20) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.

එමෙන්ම දිස්ත්‍රික්කයේ සියලුම ආසන හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සාධාරණයක් ඉටුවන අයුරින් එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ අදහස් පල කලේය “දිස්ත්‍රික් සංවර්ධන අරමුදල මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට රුපියල් මිලියන 1,033ක් වෙන්කරල තිබෙනවා. මේ සියලුම මුදල් ජූලි 31 වැනිදා වනවිට අවසන් කරන්න ඕන. මේ වනවිටත් ක්‍රියාත්මක කරගෙන ගිහිල්ලා අතරමඟ නතරවෙලා තිබෙන සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම ගැනත් අපි කතා කරගෙන තිබෙනවා.ඊටත් අමතරව විශේෂ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනවා. ඒක අගමැතිතුමා යටතේ නිරීක්ෂණය කරනවා. පළමුව ග්‍රාමීය කමිටු රැස්වෙලා ව්‍යාපෘති හඳුනා ගන්න ඕන. ඒ කමිටුවලදි ව්‍යාපෘති තුන හතරක් ඉදිරිපත් වේවි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලදි නිළධාරීන් සමඟ සාකච්ඡා කරල ප්‍රමුඛතාව මත ව්‍යාපෘති හඳුනා ගන්න. ඒ ව්‍යාපෘති අගෝස්තු 31⁣ට කලින් අවසන් කරන්න පුළුවන් ව්‍යාපෘති විය යුතුයි. ඒ හැම ව්‍යාපෘතියක්ම ලිඛිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙන්න. සාමාන්‍යයෙන් එක ග්‍රාම සේවක වසමකට රුපියල් ලක්ෂ 50ක් ලැබෙනවා. සමහර පළාත් පාලන ආයතනවල තාක්ෂණ නිළධාරීන් නෑ. ඒක නිසා විශ්‍රාම ගිය තාක්ෂණ නිළධාරීන් දෛනික පදනම මත බඳවා ගන්න අවසර දීල තිබෙනවා. මේ වගේ ප්‍රායෝගික ගැටළු ඉස්සරහට දාල වැඩ ප්‍රමාද කරන්න බෑ. මැයි මාසේ වෙනකොට මේ වැඩ ඉවර වෙන්න ඕන. මේ වැඩේදි ලොකුම බර අඳින්න වෙන්නෙ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලටයි. මේක හරිම නම්‍යශීලී වැඩපිළිවෙළක්. මේ සංවර්ධන කටයුතු විධිමත්ව සිදු කරන්න ජනාධිපතිතුමා, අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කළා. මමත් ඒ කමිටුවේ නියෝජිතයෙක් විදියට වැඩ කරනවා. දැන් පළාත් සභා, පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ නිසා සමහර නිළධාරීන් තමන්ගේ හිතුමනාපෙට සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් වෙන්කරගෙන තිබුණා. ඒ හෙට වෙන්න බෑ.පළාත් පාලන ආයතනවල ස්ථීර තැන්පතු තියෙනවා. හදිසි ආපදාවලදී ප්‍රයෝජනයට ගන්න යම් මුදලක් තියාගෙන ඉතුරු මුදල් සියල්ල සංවර්ධනයට යොදවන්න ඕන කියල චක්‍ර ලේඛයක් නිකුත් වෙලා තියෙනවා. පළාත් පාලන ආයතන කියන්නේ බිස්නස් කරන තැන් නෙවෙයි. ඒ නිසා ඒ ආයතනවල මුදල් ස්ථීර තැන්පතුවල තියාගන්න බෑ. ඒව මහජන මුදල්. ඒ සල්ලි මහජන සුබසාධනය වෙනුවෙන් වෙන් කරන්න ඕන. ඒ වගේම පළාත් සභා අරමුදලුත් සංවර්ධන කටයුතුවලට යොදාගන්න ඕන. මේ කියන්නේ සංවර්ධන කටයුතුවලදී බස්නාහිර පළාතේ ක්‍රමවේදය මුළු රටේම ක්‍රියාත්මක කරන්න කියලයි. මේ වැඩපිළිවෙළ ගැන ජනාධිපතිතුමාත් පැහැදීමකින් ඉන්නවා. අපිට නිදහසේ වැඩකරන්න ඉඩදීපු එක ගැන මම ආණ්ඩුකාරතුමාට ස්තූතිවන්ත වෙනවා. එතුමා දිස්ත්‍රික්ක තුනටම පළාත් සභා අරමුදල් සමානව වෙන් කරනවා. පෙර වසර හා සසැඳීමේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාපෘතිය යම් පමණකට අඩුවෙලා. අපි මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න ඕන. ඒ නිසා රාජ්‍ය ආයතන සතියේ සෑම සිකුරාදා දිනකම එක් වරුවක් ඩෙංගු මර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කළ යුතුයි. මේ දිනවල යුක්තිය මෙහෙයුම යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඉතාම ප්‍රශස්ත මට්ටමක පවතින බව පොලීසිය හා ආරක්ෂක අංශ මෙහි දී අනාවරණය කළා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර,මාර්ෂල් ඔෆ් ද එයාර්පෝස් රොෂාන් ගුණතිලක,රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ,ප්‍රසන්න රණවීර,ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමසභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්,පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂනී ගුණවර්ධන,මිලාන් ජයතිලක,ගම්පහ දිස්ත්‍රික් වැඩබලන ලේකම් ජේ.ඩබ්ලිව්.එස් කිත්සිරි,බස්නාහිර පළාත් ලේකම් ධම්මිකා විජේසිරි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ

Post Views: 132
Previous Post

‍පිරිමි දරුවෙකු නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම මරුට

Next Post

CCTV මගීන් රථවාහන වැරදිවලට අද සිට නිවසටම දඩකොළ ලැබෙයි

editor ttvnews

editor ttvnews

Next Post
CCTV මගීන් රථවාහන වැරදිවලට අද සිට නිවසටම දඩකොළ ලැබෙයි

CCTV මගීන් රථවාහන වැරදිවලට අද සිට නිවසටම දඩකොළ ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved