• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නායකයෝ සතුටු කරන්න හැමදාම බෑ – දුමින්ද දිසානායක

11 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නායකයෝ පිනවන්න, නායකයෝ සතුටු කරන්න හැමදාමත් ඉවසගෙන ඉන්න පුලුවන්කමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රජරට ප්‍රාදේශිකයන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා” දැන් මම කියන්නේ මේ ක්‍රමවේදය පිළිගන්න, අපි දැන් දේශපාලනය කරන එක නවත්තලා මේ රට මෙතනින් නැගිට්ටවන්න ඕනකම තියෙනවා. හැමදාමත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දේශපාලනය නිසා තමයි විනාශ වුණේ. එක එක ආණ්ඩු ආවම තම තමන්ගේ කට්ටිය උසස් වීම් ගන්න, තම තමන්ගේ කට්ටිය බඳවා ගන්න ආදී දේවල් කරලා තමයි මේ ආයතන විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන්වත් මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා මේ රට වැටිලා තියෙන්නේ අපි හැමෝගෙම වරදින්, අපේ පක්ෂ වල, අපේ නායකයොන්ගේ ඇතුළු අපි හැමෝගෙම තියෙන අඩු-පාඩු නිසා තමයි අදමේ ණය බර තියෙන්නේ.මේ හැම දේම තියෙන්නේ ඒ නිසා, අද ඔබතුමන්ලාට පේනවා ඇති ආණ්ඩු පක්ෂයේ අය විපක්ෂයට ගිහින් මෙච්චර කල්හිටියේ ආණ්ඩු පක්ෂයේ නෙමෙයි වගේ කථා කරනවා. මේ කාලකන්නි දේශපාලනය නවත්වන්න ඕන. අපි තරුණයෝ විදිහට හැමදාම හිටියේ මේ වයසක සහ වැඩිහිටි දේශපාලඥයෝ, ජේෂ්ඨයි කියාගන්න නායකයෝ හැමදාම කලේ තමන්ගේ ජාමේ බේරගන්න අපිව නටවපු එකයි කලේ. හැබැයි අද මුළු රටම, රටම විතරක් නෙමෙයි උපදින්න ඉන්න දරුවොත් අද මේකෙන් බැට කනවා.

අද පාඩු ලබන සියලු ආයතන වල පාඩුව අපේ ඊළඟ පරම්පරාවටත් අපි දායාද කරනවානේ, ඒ නිසා අපි දැන් හරි අපේ දේශපාලනය පැත්තකින් තියලා, අපි ඡන්ද කාළයට දේශපාලනය කරමු, හැබැයි මේ වෙලාවේ, හැමෝම රට වෙනුවෙන්, බොහෝම අවංකව, මේ වෙලාවේ, හැමෝම එකතු වෙන්න.දැන්, මේ පිස්සුව, විකාරය කරගෙන දැන් විනාශ වෙලා තියෙන තරම ඔබතුමන්ලාට පේනවා. දැන් අපි ආයෙත් බදු වැඩි කරන්න පාර්ලිමේන්තුවේ සම්මත කලා, ඇයි මේ බදු වැඩි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ, අපේ රට පාඩු ලබන නිසානේ, හැබැයි ඒ පාඩුවට සමහර දේවල් වලට ඔබතුමන්ලා කෙලින්ම දායක වෙලා නෑ, හැබැයි ගෙවන්නවෙනවා නේද? එහෙම නම් ඉස්සරහට හරි, අපේ අනාගත පරපුරටවත් මේකෙන් ගැලවෙන්න නම් අපි දැන් මේ හරි තීන්දුව ගත්තොත් , දැන් අපි හරියට එකතු වුණොත් එහෙම.දැන් අපි අපේ ආයතන දියුණු කරන්න ඕන,නාස්තිය අවම කරන්න ඕන මේ විනාශය නවත්වන්න ඕන කියන චේතනාවෙන් අපි වැඩ කලොත් අපිට අවුරුද්දක් එක හමාරක් ඇතුළත මේ රට තැනකට ගේන්න පුලුවන් වෙයි.එහෙම නැති වුණොත් මේක තවත් විනාශයෙන් විනාශයට යනවා.අපි එයාර් ලංකා එකේ පාඩුව ගැන අපි කථා කරනවා. හැබැයි එයාර් ලංකා එක පුද්ගලීකරණය කරන්න හෝ ප්‍රථිව්‍යුහගතකරණය කරන්න කථා කරන කොට ආයේ අපේ දේශපාලන පක්ෂම, අපේම වෘත්තීය සමිති ආයේ පාරක් කියනවා අපේ සම්පත කියලා. අපේ සම්පත කියලා ගෙව -ගෙව හැමදාම අපි ඉන්නද? මේ රටේ පාඩුවට හේතුව 225 ක් කරපු හොරකම් ටිකද? 225 වෙනුවෙන් කරන වියදමද ? මේ රටේ පාඩුව තියෙන්නේ වෙන කොහෙවත්, මේ පාඩු ලබන ආයතන සේරම ලාභ ලබන ආයතන බවට පත් කලොත් නේද අපිට මේ ණය බරින් නිදහස් වෙන්න පුලුවන්කම තියෙන්නේ.ලංකාවේ ආයතන 3-4 ක් තියෙනවා, හැම අවුරුදු 03 කටම පාරක් 25% ක් පඩි වැඩි වෙනවා, ඒ ආයතනය ලාභ ලැබුවත්- පාඩු ලැබුවත් පඩිය අවුරුදු 03 කට පාරක් 25% කින් වැඩි වෙනවා.මේක ඔබතුමන්ලා අනුමත කරනවාද? අරගලයේ සැබෑ අරමුණ මොකක්ද? අරගලයෙන් ගෙවල් ගිණි තිබ්බ එක වැරදියි, ගහගත්ත එක වැරදියි, හැබැයි අරගලයේ අරමුණ වුණේ මේ රටේ සිස්ටම් චේන්ජ් එකක්, මේ සිස්ටම් චේන්ජ් එක දේශපාලන පක්ෂ කරන්න හැදුවට කවදාවත් කරන්න හම්බුණේ නෑ විපක්ෂය විරුද්ධ වුණා.ඒකට මිනිස්සුන්ව එකතු කර ගත්තා.හැබැයි අද දේශපාලන පක්ෂ සියල්ලම බිත්තියට හේත්තු කරලා මිනිස්සු කථා කරන්න පටන් ගත්තා අපිට අවශ්‍යයි සිස්ටම් චේන්ජ් එකක් කියලා.ඒ සිස්ටම් චේන්ජ් එක තියෙන්න ඕන, දේශපාලනයට, පරිපාලන සේවයට , රාජ්‍යය සේවයට, අධිකරණයට, පොලිසියට මේ හැම දේටම සිස්ටම් චේන්ජ් එක එන්න ඕනකම තියෙනවා.ඒ නිසා අරගලයේ නියම අරමුණ මරන්න දෙන්න එපා.අරගලයේ නියම අරමුණ ක්‍රියාත්මක වුණොත් තමයි අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී වෙන්නේ.

ගම්වල දන් නැති මිනිස්සු පවා, හන්දි වලට ඇවිත්, පිටකොටුවට ඇවිත් ගෝල්ෆේස් එකට ඇවිල්ලා සිස්ටම් චේන්ජ් එකක් ගැන කථා කලේ ඒ ගොල්ලන්ට දැනෙන විදිහට මොකක් හෝ වෙනසක් ඕන කියලා.ඒ ගොල්ලන්ට පෙනුන දේ අපිට පෙනුන දේ නොවෙන්න පුලුවන්,හැබැයි දැන් අපි මේකෙන් ගන්න ඕන පාඩම මිනිස්සුන්ට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ දේ පාලකයෝ විදිහට අපි කරන්න ඕන. උදාහරණයක් විදිහට ඛණිජ තෙල් සංස්ථාව ගත්තොත්, ඒකේ රෑටත් තණ කොළ කපනවා ඕ.ටී දාලා, රෑට තණකොළ කපනවාද? ඇහුවාම ඇයි මේක වෙනස් කරන්නේ නැත්තේ කියලා.මේක සාම්පදායිකව එන දෙයක් කියනවා.මාසේ ඕ.ටී පැය ගාණ හදාගන්න තණකොළ කපන කම්කරුවා රෑටත් ඕ.ටී දානවා.මේවා හැප්පිලා වෙනස් කරන්න එපැයි.අරගලය කිව්වේ 225 ට විතරක් වෙනස් වෙන්න නෙමෙයි.සිස්ටම් චේන්ජ් එක ඇතුලේ නාස්තිය කියන එක කොහෙ වුණත් නාස්තිය නම් නාස්තිය.මේක අමාරුයි, තම තමන්ටත් මේක දැනෙයි, වගකීම වැඩිවෙයි, සාක්කුවට දැනෙයි. දැන්වත් මේක කලේ නැත්නම් අපිට අනාගතයේදී රටක් ඉතුරු වෙන්නේ නෑ. ඕනෑම කෙනෙකුට දේශපාලන වශයෙන් විරුද්ධ වෙන්න පුලුවන්කම තියෙනවා.ඒ විරුද්ධ වීම ජනප්‍රිය දේශපාලනයක්නෙමෙයි දැන්.ඉස්සර නම් ප්‍රධාන පක්ෂ දෙකක් තිබුණා, ඒ පැත්තේ දෙයක් කරන කොට ඒකට විරුද්ධ වුණාම ඒ ගොඩ ගිහින් අනික් පැත්තේ හේත්තු වුණා. දැන් එහෙම නෑ, දැන් සාධාරණ විරුද්ධ වීමක්ද, අසාධාරණ විරුද්ධ වීමක්ද කියලා මිනිස්සුන්ට තේරෙනවා.ඒ නිසා විරුද්ධ වීම කියන එක ජනප්‍රිය දේශපාලනයක් නෙමෙයි අද මේ වෙලාවේ.දැන් ඇත්තත් එක්ක හිටගත්තොත් -ඇත්ත කථා කලොත් ඒක තමයි මේ රටේ ජනතාවට අපි කරන සේවය.ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන අපි කථා කලේ.හැමදාමත් විරුද්ධ වෙන මේ කාළකන්නි දේශපාලනය නවත්වලා සර්ව පාක්ෂිකව එකතු වෙලා රට හදන්න ඕන කියන හැගීමෙන් අපි එකතු වුණොත් අපිට පුලුවන් අපිට නොලැබුණ හොද රට අපේ දරුවන්ට හොඳ රටක් බවට පත් කරන්න අපිට පුලුවන්කම තියෙනවා.

අපි බොහෝම ආඩම්බරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා අපි තමයි වැඩිම කාළයක් ආණ්ඩු කරේ කියලා, ඒකේ අවුරුදු විසි ගණනක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, පහුගිය අවුරුදු 02 විතර පොහොට්ටුවට එහෙම නම් මේ රට මේ තත්වයට පත් වෙන්න වැඩිම වැරදි කරලා ති‍යෙන්නේ අපි. අද ණය බර වැඩියි කියලා කියනවා නම් වැඩියෙන්ම ණය අරන් තියෙන්නේ කවුද? අද මේ රටේ පාඩු ලබන ආයතන තියෙනවා කියලා මහා ලොකුවට කෑ ගහනවා , ඒ පාඩු ලබන ආයතන පාඩුයි කියලා අවුරුදු කීයක් අපි ලග තියන් හිටියද? අපි සභාපතිවරු, අධ්‍යක්ෂකවරු කීයක් පත් කලාද? පාඩු ලබන කොට මහා භාණ්ඩාගාරයෙන් මුදල් දුන්නා නේද? එහෙම නම් මේ සේරම අපි දැනුම්වත්ව තමයි වෙලා තියෙන්නේ.ඒ නිසා දැන් රටේම ජනතාව හා අපි හැමෝම එකතු වෙමු. වැඳලා කියන්නම් දේශපාලනය පැත්තකින් තියලා තමන්ගේ ආයතන දියුණු කරන්න , සියලු දෙනාම එකම පවුලක් විදිහට වැඩ කරන්න.ටික කාළයකට හරි මෙහෙම හිතුවොත් අපේ දරුවන්ට හොඳ අනාගතයක් උදා කරන්න පුලුවන්කම තියෙනවා.මේ කථාවෙන් කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න. සමහර දේශපාලන කාරණා පුද්ගලිකව දැනෙන්න පුලුවන්.හැමදාමත් නායකයෝ පිනවන්න, නායකයෝ සතුටු කරන්න හැමදාමත් අපිට ඉවසගෙන ඉන්න පුලුවන්කමක් නෑ.අපි දැන් ඒ තත්වෙන් එළියට බහින්න ඕනකම තියෙනවා.රාජ්‍යය සේවයට විශ්‍රාම යාමේ වයස 60 ගෙනාපු එක හොඳයි.හැබැයි දේශපාලනයටත් මේ 60 ආවා නම් හොඳයි, හැමෝම දේශපාලඥයෝ ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් නෙමෙයි නේ, හැමෝම හිතන් ඉන්නවා මම ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් කියලා.හැබැයි 60 පැන්නට පස්සේ සාමාන්‍යය මනුස්සයාට අමතක වෙනවා නම් දේශපාලඥයාට අමතක වෙන්නේ නැද්ද? මේවා වෙනස් වෙන්න ඕන ඉස්සරහට.මේවා ගැන කථා කරන කොට අපිටත් ප්‍රශ්න එනවා, හැබැයි කරන්න දෙයක් නෑ, පුද්ගලිකව ඇති වෙන ප්‍රශ්නයට වඩා අපි වෙනසක් කරන්න ඕන යැයි දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික් ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

 

Post Views: 2
Previous Post

රට බංකොලොත් කළ කපුටන් ඇමරිකාවට අරගල කළ තරුණයින් හිරගෙදරට – විපක්ෂනායක

Next Post

ටයිටැනික් නැව වගේ රට ගිලෙනවා – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

ටයිටැනික් නැව වගේ රට ගිලෙනවා - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved