• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෘත්තිකයන් විදේශගත වීම වැළැක්වීම වැට බැඳ නතර කරන්න පුළුවන්කමක් නෑ -මන්ත්‍රී රංජිත්

18 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ වෘත්තිකයන්ගේ අයිතිවාසිකම්, අභිමානය සහ ගෞරවය ආරක්ෂා වන ආකාරයට වෘත්තිය පරිසරය නිර්මාණය කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වෙනුවෙන් පෙනි සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “නමුත් අවාසනාවකට සුළු වාරිමාර්ග පද්ධති, වැව්, අමුණු , කුඩා ජල රඳවන ස්ථාන මේවා කාලෙකින් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. ඒ නිසා සාම්ප්‍රදායිකව ගොවි බිම්වලට සපයපු ජලය අපිට සපයගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා වසම් මට්ටමින් බලධාරීන්ට අවශ්‍ය කරන තොරතුරු කඩිනමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සපයාදිය යුතු වෙනවා. මේ පිරිසට විදින්න සිදුවෙලා තිබෙන පිඩාව ජිවිතය හා මරණය හා සමානයි. තමන් සතු සියලු දේවල් නියඟයත් එක්ක නැතිවෙලා ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා මහා පරිමාණ කෘෂිකර්මාන්තය කෙරෙන ප්‍රදේශ වගේම යැපුම් මට්ටමට ගොවිතැන් කරන ප්‍රදේශවලට වාරිමාර්ග පද්ධතිය අපි නැවත නඟා සිටුවන්න ඕන. අපි විශේෂයෙන් මේ අවස්ථාවේ අවධාරණය කර සිටිනවා යැපුම් මට්ටමේ ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා වි‍ශේෂ වැඩපිළිවෙලක් අනුගමනය කළ යුතු වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියා සිටිනවා එක අමාත්‍යාංශයක විෂය පථයකට සීමා වෙන්නේ නැහැ. ඒ නිසා කඩිනමින් ක්‍රියාකාරි කමිටුවක් ස්ථාපිත කරලා පැය 24 පුරාම මේ නියඟයෙන් පිඩාවිදින ගොවීන්, වන සතුන් , සුළු පරිමාණ කෘෂිකාර්මිකයන් , ජන ජිවිතයට එල්වන බාධාවන් මැඩපැවැත්විය යුතු වෙනවා. ඒ වගේම මේක අවස්ථාවක් කර ගන්න ඕන අපේ රටේ සුළු වාරිමාර්ග පද්ධතිය නැවතවාරයක් ප්‍රතිසංස්කරණයට බාජනය වෙන්න ඕන. දිර්ඝ කාලයක් මේ සම්බන්ධයෙන් අවධානය ප්‍රමාණවත් ලෙස ලැබුණා නම් අද බොහෝ ස්ථානවල වැව් පිරිලා තිබෙන්න තිබුණා. සුළු වාරි මාර්ග පද්ධතිය ක්‍රියාවට යොදවා ගන්න තිබුණා. නමුත් අවාසනාවට දිගුකාලීන දැක්මක් ඒ සම්බන්ධයෙන් තිබුණා කියලා අපිට කියන්න පුළුවන්කමක් නැහැ. අද ඉතාම බරපතල ලෙස දිවයින පුරාම පාරසරික බලහත්කාරකමක් සිදුවෙනවා. මේ පාරසරික බලහත්කාරකමේ ප්‍රමාණය අපිට හිතා ගන්න බැහැ. අපි දන්නවා වැව් තාවුල් වල, රක්ෂිතවල, ජල පෝෂක ප්‍රදේශවල මේ පාරසරික බලහත්කාරකම් සිදුවෙනවා. ඒ නිසා මේ නියඟයට එක හේතුවක් තමයි මේ ජල පෝෂක ප්‍රදේශ ආක්‍රමණය කිරීම.රක්ෂිත ආක්‍රමණය කරනවා. මෙය බලහත්කාරයක්. මේක සංවිධානාත්මකව කරන්නේ. ඒ නිසා අපි බලධාරීන්ට කියනවා මේ පාරසරික වගවීම පිළිබඳව රජයේ ජනාධිපතිවරයා යටතේ විශේෂ කමිටුවක් පත්කරලා මෙය සෙවිය යුතුයි. අපි විශේෂයෙන් මේ අවස්ථාවේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ පාරසරික බලහත්කාරය නතර කරන්න. මෙය හොඳ නැහැ. ඊයේ අපි දැක්කා ජනාධිපති කාර්යාලයට වෘත්තිකයන් විශාල පිරිසක් සංදේශයක් භාරදෙන්න ආවා. ඒ වෘත්තිකයන්ගේ මුුලික ඉල්ලීම වූණේ වෘත්තිකයන් රට හැරයාම පිළිබඳව රජය කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා. අපි දකිනවා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය, මහාචාර්යවරු රට හැරයාමේ ස්භාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම අපි දකිනවා විශේෂඥ වෛද්‍යවරු රට හැරයාමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. විවිධ වෘත්තීන්වල නිරතවෙලා සිටින වෘත්තිකයෝ ජාත්‍යන්තර වෙළඳපොල ආකර්ශනය කරගෙන තිබෙනවා. අපි ජිවත්වෙන්නේ ගෝලීය සමාජයක් තුළ. ඒ නිසා ඉතා කඩිනමින් මේ රටේ වෘත්තිකයන්ට නිදහසේ තමන්ගේ වෘත්තිය කරගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නට ඕන. ඔවුන්ගේ හඬට සවන් දෙන්න ඕන. අපි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විදිහට විශ්වාස කරනවා මේ රටේ වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ පිරිසගේ ගෞරවය, අභිමානය ආරක්ෂා වන ආකාරයට මේ රටේ වෘත්තිය පරිසරය නිර්මාණය කළයුතුයි. ඒ නිසා තමයි හුඟක් දෙනෙක් මේ 225ට ඇඟිල්ල දිග්කරන්නේ. ඒ නිසා අපි පක්ෂයක් විදිහට විශ්වාස කරනවා මේ රටේ වෘත්තිකයන්ගේ අභිමානය අපි ආරක්ෂා කරන්නට ඕන. එහෙම නැතිව රට යන එකට වැට බැඳලා මෙය නතරකරන්න පුළුවන්කමක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ බල ප්‍රදේශ මට්ටමින් බල මණ්ඩල කැඳවලා දිවයින පුරා අපේ පාක්ෂිකයන්ට පණිවිඩයක් දුන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ මතය වෙනුවෙන් පෙනි සිටිනවා කියලා. එළඹෙන 20දා අපි ආරම්භ කරනවා ගම් මට්ටමින් අපේ පාක්ෂිකයන් මුනගැහිලා ශාඛා සමිති බලගන්වලා , අලුත් සාමාජිකයින් පිරිසක් පක්ෂයට බඳවාගෙන පක්ෂය තවදුරටත් ශක්තිමත් කරන්න. මේ වැඩ කරනකොට අපිට පේන එක කාරණයක් තිබෙනවා. දැන් බැසිල් රාජපක්ෂ මහතා ජනගත වෙලා තිබෙනවා. ඒ නිසා මේ රටේ මොකක් වුණත් ඒකේ කොණකට බැසිල් රාජපක්ෂ අමුණනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ගමන කුමක් කිව්වත් නතර කරන්න පුළුවන්කමක් නැහැ. එතුමා මේ රටේ පක්ෂ දේශපාලනය උඩුයටිකුරු කළ පෙරලිකාරයෙක්. අපි බලමු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි දේශපාලන කටයුතු වලදි එතුමාගේ ජවය, ශක්තිය, බලය කොයි ආකාරයෙන් පෙන්වනවද කියලා.”යනුවෙන් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේ ය.

Post Views: 0
Previous Post

බඩඉරිඟු ආනයන බද්ද අඩු කෙරේ

Next Post

අනුරාධපුර. තලාවේ ජිව අත් බෝම්බයක් සොයා ගැනේ

editor

editor

Next Post

අනුරාධපුර. තලාවේ ජිව අත් බෝම්බයක් සොයා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved