• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

NPP නොවේ මොන විදිහට පැමිණියත් එය මිනී මරපු ජනතා විමුක්ති පෙරමුණම තමයි – මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

30 April 2024
in දේශීය, පුවත්
ජවිපේ නායකයා කියන කියන පලියට රටේ ජනාධිපතිට වැඩකරන්න බැහැ – මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සමාජ මාධ්‍යජාලාවල මඩ ප්‍රචාර සිදුකරන තරුණ තරුණියන් වටහාගත යුතු වන්නේ ජනතා විමුක්ති පෙරමුණට මිනි මැරීමට පමණක් හැකියාව ඇති බවත් වැඩකිරීමේ ශක්තියක් ඔවුන් සතුව නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා,“ NPP වුණත් ජේ.වි.පි. මිනිමරපු ජේවිපි තමයි. මේ රටේ තරුණ තරුණියන්ට සමාජ මාධ්‍යජාලාවල මඩ ගහන තරුණ තරුණියන්ට කියන්න කැමති අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමට පුළුවන් මිනි මරන්නම පමණයි. මිනි මැරීම හැර වැඩකරන ශක්තිය නැහැ. පහුගිය දවසක මමත් වීරසිංහ මැතිතුමාත් රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවක හිටපු පළාත් සභා මන්ත්‍රිවරයා පිළිගත්තා ඔවුන් මිනි මැරුවා කියලා. හැබැයි ස්ත්‍රී දූෂකයෝ සහ කසිප්පුකරුවෝ තමයි මැරුවේ. මොන නීතියෙන්ද , මොන උසාවියෙන්ද ඔවුන්ට බලය දුන්නේ කසිප්පුකරුවෝ , ස්ත්‍රී දූෂකයෝ මරන්න කියලා. ඒ පාවිච්චි කළ නීතිය කුමක්ද? අවනීතිය රජ කළේ. මේ වීරසිංහ මන්ත්‍රිතුමාගේ තාත්තව එතුමා ඉදිරිපිට මරනවා. ඒකේ වේදනාව තිබෙන්නේ පුතාටයි. ඒ නිසා අපි දිගින් දිගටම වැඩසටහනේදී කිව්වේ ඔහුට වැරදුනා නම් සමාව ගන්න කියලා. ඔහුට වැරදුනානම් එය නිවැරදි කරන්න කියලා . ඒ වැරැද්ද හදන්න ගියේ නැහැ. ඒ අවස්ථාවේ නලින් සහෝදරයා ඒ ගානට බේරුන එක ජාතියේ පිනක්. මගේ තාත්තත් එකයි වීරසිංහ මන්ත්‍රිතුමාගේ තාත්තත් එකයි. මගේ සහෝදරයගේ තාත්තා මැරුණ එකේ වේදනාව තිබෙන්නේ මගේ සහෝදරයාටයි. ඒ සහෝරයාගේ ඉස්සරහා ඔව් අපි මැරුවා කියලා කියනකොට මිත්‍රයෙක් විදිහට අපිට ඒ වැඩටහනේදී ප්‍රතිචාර දක්වන්න වෙන්නේ අපිට එන මානසිකත්වයත් එක්කයි. ඒ නිසා අපි බොහෝම පැහැදිලිව කියන්නේ අපි ඒ තරමටවත් ඉවසගෙන සිටියේ එතුමා වැරද්දක් කළානම් නිවැරදි කරන්නයි. එය නිවැරදි කළේ නැහැ. NPP නොවේ මොන විදිහට ආවත් ජනතා විමුක්ති පෙරමුණ මිනී මරපු ජනතා විමුක්ති පෙරමුණම තමයි. ඒ අය මරපු මැරිලි අමතක කරන්න බැහැ. අදටත් මේ ලේ පිපාසිත මේ මුර්ගයන් කියන්නේ හෙටත් අපිට බලය දුන්නොත් හොඳින් හෝ නරකින් හරි මේ රට පාලනය කරනවා කියලා. ඒ නිසා පෙල ගැහෙන්න, එන්න එකතුවෙන්න මේක තමයි අවස්ථාව. ටිල්වින් සිල්වා ඊයේ කියනවා පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු දෙදෙනෙක් අසෝබන විදිහට හැසිරුනා මාධ්‍යයක් ඉස්සරහා කියලා. තාත්තගේ මිනිමරුවා ඉස්සරහා ඉදගෙන ඔව් මැරුවා කියලා කියනකොට සිල් රෙද්දක් පොරවා ගනි කියලා හිතන්න එපා. ඒ වගේම අපේ පක්ෂයේ කෙනෙක් මරලා , අපේ පිරිස බේරේ වැවේ දාලත් අපේ නායකයෝ ඉගැන්වුයේ හික්මීමක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදිව සටන කරන්න කියලා. ඒ නායකයෝ අපිට ප්‍රජාතන්වාදිව කටයුතු කරන්න කියලා පෙන්වපු නිසා තමයි ඒ මට්ටමට හරි හික්මීමක් ඇතිව කටයුතු කළේ. ඒ වැඩසටහනේදි එතුමා අන්තිම මොහොතේ නැගිටලා යන්න කලින් වැරැද්ද නිවැරදි කළා නම් අපි ඒ විදිහට හැසිරෙන්නේ නැහැ. තාත්තා මැරුව මිනිමරුවා ඉදිරිපිට ඒ තරම් හික්මීමෙන් හෝ කටයුතු කිරීම ජනතා විමුක්ති පෙරමුණට හෝ නලින් සහෝදරයාගේ වාසනවා. අපිට තර්ජනය කරලා , සමාජ මාධ්‍යවල චෝදනා කරල අපේ දේශපාලනය යටකරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ අනුර කුමාර දිසායක මහතා වැරදි කියලා කියන්න කැමති.ජනතාව බුද්ධිමත්ව හිතලා වැඩකරන්න කියලා කියන්න කැමති. ”යැයි මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,875
Previous Post

උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු ගැටළුකාරී තත්ත්වයක් වාර්තා වී නැහැ – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත්

Next Post

බාර් ලයිසන් ගැන අසත්‍ය චෝදනා එල්ල කළ ස්වාමින් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නවා -සජබ මහලේකම් රංජිත්

editor ttvnews

editor ttvnews

Next Post
සමගි ජන බලවේගයෙන් කථානායකත් පොලිස්පතිවරයාටත් බාල්දියක් ! – මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

බාර් ලයිසන් ගැන අසත්‍ය චෝදනා එල්ල කළ ස්වාමින් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නවා -සජබ මහලේකම් රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved