• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ පක්ෂය තමයි තරුණයන්ට සහ කාන්තාවන්ට වැඩිපුර ඉඩකඩ දිලා තිබෙන්නේ – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

9 April 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය වන තරුණ මන්ත්‍රිවරුන් වැඩි දෙනෙකු සහ මන්ත්‍රිවරියන් හය දෙනෙකු සිටින එකම පක්ෂය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “අපේ හිතවත් චම්පික රණවක මැතිතුමා ජනරජ පෙරමුණේ නායකතුමා. එතුමා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව තුළ රැදි ඉන්න කෙනෙක්. හැබැයි එතුමා හැමදාම හීන දැකපු කෙනෙක්. නමුත් එතුමාට මතක් කිරීමක් කරන්න ඕන ලංකාවේ තිබෙන සියලුම දේශපාලන පක්ෂ ගත්තාම අපේ පක්ෂයේ තමයි තරුණම ජාතික සංවිධායකතුමා ඉන්නේ. ජවසම්පන්නව වැඩකරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම අපේ පක්ෂයේ තමයි වැඩිපුරම තරුණ මන්ත්‍රිවරු ඉන්නේ. අපේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිය කැබිනට් මණ්ඩලය නියෝජනය කරන එක ඇමතිනියක් ඉන්නවා. රාජ්‍ය අමාත්‍යවරියන් දෙදෙනෙක් ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් හය දෙනෙක් ඉන්නවා. එතුමාට අවුරුදු තිහකට පසුවත් එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවට යවාගන්න බැරි වුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණටත් ගම්පහින් ආපු ඒ මන්ත්‍රිතුමිය හැර වෙන කවුරුවත් පාර්ලිමේන්තුවට යවාගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් පාර්ලිමේන්තුවට ඇතුල්කරගන්න පුළුවන් වුණෙත් දෙන්නයි. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය මේ ඕනෑම දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීම ගත්තාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි තරුණයන්ට සහ කාන්තාවන්ට වැඩිපුර ඉඩකඩ දිලා තිබෙන්නේ. අපි විශ්වාස කරනවා කවදාහරි චම්පික රණවක මැතිතුමා අපිව ආදර්ශයට ගනි. හුඟක් තනියම ඉල්ලා දිනන්න පුළුවන් කියලා හිතන පිරිස මේ දවස්වල සන්ධානගත වෙනවා. මේ අවස්ථාවේ වේදිකාවේ ඉන්න හුඟක් පිරිස දේශපාලන මාකටින් එකක් කරන්නේ. දේශපාලනය කියන්නේ සේවාවක්. කොච්චර‍ උප්පරවැට්ටි මහා පාරේ සිදුකරනවාද තමන්ගේ ජනප්‍රියතාව, තමන්ගේ පාක්ෂිකත්වය , තමන්ගේ රැල්ල හදන්න මේ අවස්ථාවේ. හැබැයි ඔය කිසි කෙනෙක් ඔවුන් කරන වැඩපිළිවෙල කියලා නැහැ. අපි ලඟ ඒ වැඩපිළිවෙල තිබෙනවා. අපි එවැනි වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරලා ප්‍රතිපල පෙන්වලා තිබෙන පිරිසක්. අපි මහින්ද චින්තනයෙන් පටන් ගත්තාම අවස්ථා හතරකදි මේ රට හමුවේ තබලා තිබෙනවා අපේ වැඩපිළිවෙල. දැනටමත් අපි මේ රටට ඩොලර් උපයාගන්නේ කොහොමද? තරුණයින්ට රැකියා අවස්ථා ලබා දෙන්නේ කොහොමද? ගමේ අපහසුකම් තිබෙන පිරිස සුවපහුසු විදිහට තමන්ගේ ජිවන අරගලයට මුහුණ දෙන්නේ , ඒ සඳහා වන සූදානම කුමක්ද? ඒ සඳහා අපිට වැඩපිළිවෙලක් තිබෙනවා. පොදුවේ ගත්තාම සමස්ථ ආර්ථිකය ආවරණය වන ආකාරයේ වැඩපිළිවෙල කුමක්ද? මේක කියන්න ඒ අයට මේ කරණ දේශපාලන අලෙවිකරණය තුළ මේක කියාගන්න බැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරඟකරලා පොදුජන පෙරමුණ අසමත් කරන්න අවස්ථා ගණනාවකදි වෙර දරපු පිරිස තමයි අද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය හදන්න යන්නේ. ඒ සන්ධාන බොහෝමයක් ඊලග මැතිවරණයේදී තමන්ට පාර්ලිමේන්තුවට එන්න පාර කපාගන්න ඒවා. එහෙම නැතිව ප්‍රතිපත්ති හදලා රට ඉදිරියට ගෙනියන්න හදන ඒවා නොවේ. අවස්ථා ගණනාවකදි විපක්ෂ නායකතුමා වේදිකාවේ කියනවා මම බස් එකක් දුන්නා හොඳට ඉගෙන ගන්න කියලා. ලංකාවේ පංති කාමර ලක්ෂයක් තිබෙනවා. පහකට Smart Class දිලා කොහොමද මේ ළමුන් හැමෝටම Smart Class තිබෙනවා කියලා කියන්නේ. බස් දිලා තිබුණට ඒවට තෙල් ගහන්නේ කවුද? මේ හිස නැති කඳවල්. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියනවා පුළුවන් නම් ළමයින්ට ඉගෙන ගන්න හදන ක්‍රමය මොකක්ද කියලා කියන්න. ඒ නිසා මේ දේශපාලන මාකටින් එක ගැන ජනතාව දැනගන්න ඕන. අද කවුරුත් ඒ යැපුම් මානසිකත්වයේ නැහැ. ඊට වඩා පරාධින ඉදිරිගාමි චින්තනයක් තිබෙන මිනිස්සු තමයි මේ රටේ ඉන්නේ. අපි කැමති මේ රට එක රටක් විදිහට එහි බහුවාර්ගිකත්වය, බහු සංස්කෘතික පදනම, ආගමික විශ්වාසයන්ට තිබෙන ගරුත්වය ඒ ආකාරයට ආරක්ෂා වෙනවා දකින්න. අපි ඉතිහාසයේ ඕනතරම් වැරදි කරලා තිබෙනවා. හැබැයි අමතක කරන්න නරකයි මේ පාර්ලිමේන්තු පිට්ටනියේ විසි හයදහක නම් කොටලා තිබෙනවා. ඒ මිනිස්සු තමන්ගේ ජිවිත පරිත්‍යාග කරලා අන්තවාදි, ත්‍රස්තවාදි පිරිස් පරාජය කරන්න කැපවුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික විරයෙක් වුණේ ඒ සටන පරාජය කිරිමේ නායකත්වය ගත්ත නිසා. පොහොට්ටුවේ පිරිස මේ රටේ මහජනතාවගෙන් ජනවරමක් ලබා ගත්තේ සෞභාග්‍ය දැක්කම ක්‍රියාවට නංවන්න. හැටනව ලක්ෂයක් ඡන්දය දුන්නේ ඒ වෙනුවෙන්. ඒ ජනමතය විකුණන්න උත්සහ කළොත් ඔවුන්ගේ නැට්ටක්වත් ඊලඟ පාර්ලිමේන්තුවට එවන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා නවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදිහට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භයේ ඉඳලා හිටපු කෙනෙක් විදිහට අපි කියා සිටිනවා කකුල් දෙක එක තැනක තියාගන්න. ඉහළින් පහළට අපි ආදර්ශය සපයමු.”යනුවෙන් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙහිදි සඳහන් කළේ ය.

 

Post Views: 6,589
Previous Post

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ

Next Post

වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදනවා – අගමැති

editor ttvnews

editor ttvnews

Next Post
වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදනවා – අගමැති

වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025

Recent News

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved