29 April 2024
#දේශීය #පුවත්

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ මහතා පසුගිය 04 වනදා පත්කෙරිණ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ ( 08) දින නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රවී රණසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කලේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් රවී රණසිංහ, 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයට එක් වී ඇත. ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1991 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය මූලික ඉංජිනේරු පාඨමාලාව 1989 වර්ෂයේදීත්, සාගරික ඉංජිනේරු විශේෂඥතා පාඨමාලාව 1994 වර්ෂයේදී ඉන්දියාවේදී හදාරා, ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2018 වර්ෂයේ අප්‍රේල් මස 20 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත. සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සාගරික ඉංජිනේරු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තටාකාංගණය (බටහිර), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඉංජිනේරු (නව නිපැයුම්), නියෝජ්‍ය අධිකාරි තටාකාංගණය (නැගෙනහිර), අධ්‍යක්‍ෂ ඉංජිනේරු සේවා, කොමදෝරු අධිකාරි තඨාකාංගණය (උතුරු මැද), කොමදෝරු අධිකාරි තඨාකාංගණය (උතුර), කොමදෝරු අධිකාරි තඨාකාංගණය (බටහිර), අධ්‍යක්‍ෂ සාගරික ඉංජිනේරු සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.තවද, රියර් අද්මිරාල් රවී රණසිංහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස එම ධූරයෙහි කටයුතු සිදුකරන අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයෙහි රාජකාරීන් ඉදිරියට සිදුකරනු ඇත.

 

 

Rear Admiral Ravi Ranasinghe appointed as Deputy Chief of Staff of the Navy

Rear Admiral Ravi Ranasinghe was appointed as the Deputy Chief of Staff of the Sri Lanka Navy effective from 04th April 2024. The Commander of the Navy, Vice Admiral Priyantha Perera formally handed over the letter of appointment to Rear Admiral Ravi Ranasinghe at the Navy Headquarters today (08th April 2024) and expressed his best wishes to the newly appointed Deputy Chief of Staff.

Rear Admiral Ravi Ranasinghe is a proud product of Ananda College, Colombo. He joined the Engineering Branch of the Sri Lanka Navy as an Officer Cadet of the 19th intake in 1989. Upon successful completion of his basic naval training at SLNS Gemunu, he was commissioned in the rank of Sub Lieutenant in 1991. He completed his Basic Engineering Course in India in 1989 and completed the Marine Engineering Specialisation Course in India in 1994. Progressing steadily in his naval career, the senior officer was promoted to the rank of Rear Admiral on 20th April 2018.

During his distinguished naval career, Rear Admiral Ravi Ranasinghe has served as Deputy Director Marine Engineering, Deputy Director Dockyard (West), Deputy Director Engineering (New Construction), Deputy Superiendent Dockyard (East), Director Engineering Service, Commodore Superiendent Dockyard (North Central), Commodore Superiendent Dockyard (North), Director Marine Engineering and Director General Engineering.

Meanwhile, the senior officer will discharge duties as Deputy Chief of Staff of the Navy, concurrently holding the appointment of Director General Engineering.

Leave a comment

Your email address will not be published. Required fields are marked *