අප රටේ සිටින ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු එකතුව වී ඒකාධිකාරිය, සහල් ඒකාධිකාරිය පවත්වාගෙන යන බැවින් වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය අනිවාර්යයෙන් කලයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “අපේ රටේ ගොවිජනතාව, වර්ෂාව පැමිණියත්, නියඟයක් පැමිණියත් කොයි පැත්තෙන් බැලුවත් ඒ පිරිස තමයි පිඩාවට පත්වෙන්නේ. පහුගිය මාස්කන්නයේ විශාල වර්ෂාවක් රටපුරා ඇති වුණා. ගංවතුර තත්වයක් ඇති වුණා. අපේ කෙත් බිම් විශාල ප්‍රමාණයක් විනාශයට පත්වුණා. ඒ වගේම මේ මාස්කන්නයේ වර්ෂාව හොඳ නිසා අනතුරට ලක්වෙලා නැති වගාවන්වල අස්වැන්න දැන් ලැබෙමින් පවතිනවා. අද වන කොට වී කිලෝ එකක් ඉතාම අඩු මිලකට දෙන්න සිදුවෙලා තිබෙනවා ගොවිජනතාවට.මේ පිළිබඳව ඉතාම කණගාටුවට පත්වෙනවා. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගොවි සම්මේලනයේ සමස්ථ ලංකා සභාපතිවරයා හැටියට කටයුතු කරන අතර ඒ නිසා වගකීමක්, යුතුකමක් රජයටත්, අදාළ අංශවලටත් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම. අපි දන්නවා එදාට වඩා අද පොහොර මිල වැඩි. ඒ වගේම කම්කරු කුලිය වැඩි. භාවිතා කරන යන්ත්‍රෝපකරණවල මිල වැඩි. ඒ නිසා වී කිලෝ එකක් 150ටවත් ලබාදෙන්න පුළුවන් වෙන්න ඕන ගොවිජනතාවට යම්කිසි අස්වැසිල්ලක් ලබන්න. නමුත් අද ඒ තත්වය නැතිව පහළ මිලකට වී මිල බැහැලා තිබෙනවා. අපි දන්නවා අපේ රටේ සිටින ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් තමයි මේ වී ඒකාධිකාරිය , සහල් ඒකාධිකාරිය පවත්වාගෙන යන්නේ. මේ පිරිසට හෝරා කන්න ඉඩදිලා රජය හැටියට පැත්තකට වෙලා සිටීම වැරදි. ඒ නිසා අපේ රටේ තිබෙන වී ගබඩා පාවිච්චි කරලා ගොවියා රැකගන්න මේ වී මිලදි ගැනීම වී අලෙවි මණ්ඩලයෙන් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ වගේම පහුගිය කාලවලදි පොහොර හිඟය සහ නොයෙක් ආර්ථික අර්බුදය නිසා අපට බඩ ඉරිඟු වගා කරන්න මේ රටේ බැරි වුණා. නමුත් මේ මාස් කන්නයේදී අධික වර්ෂාව නිසා වගා හානි වුණා. නමුත් යම්කිසි ප්‍රමාණයකට අස්වැන්න දැන් නෙලන කාලයේ බඩ ඉරිගු මිලදි ගන්නත් රජය මැදිහත් විය යුතුයි. නැතිනම් කූට වෙළෙන්දුන් අපේ ගොවියා ගසාකෑම සිදුවෙනවා මේ කන්නයෙත්. මේ තීරණාත්මක වර්ෂයක්. ඒ වගේම මැතිවරණ වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඒ නිසා මේ ගොවිජනතාව මේ තත්වයෙන් මුදවා ගන්න රජය මැදිහත් වියයුතුයි ”යැයි මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.