27 April 2024
#දේශීය #පුවත්

රජයේ තක්සේරු මුදලට වඩා අඩුවෙන් විසුම්පාය ආයෝජකයන්ට දෙන්නේ නෑ. – ඇමති ප්‍රසන්න

රජයේ තක්සේරු මුදලට වඩා අඩුවෙන් විසුම්පාය ගොඩනැගිල්ල කිසිවිටෙකත් ආයෝජකයන්ට ලබා නොදෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් බිලියන 8 වටිනා විසුම්පාය රජයේ තක්සේරුව නොතකා රුපියල් බිලියන 4ට ආයෝජකයෙකුට ලබා දීමට සූදානම් වන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තුවේ කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

ඒ් පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ වැඩිදුරටත් පැහැදිලි කලේය ” අපි වගකීමෙන් කියනවා රජයේ තක්ෂේරු මුදලට අඩුවෙන් කිසිම අවස්ථාවක විසුම්පාය අපි කාටවත් දෙන්න ලෑස්ති නෑ. එහෙම දෙන්න හැකියාවකුත් අපිට නැහැ. ආයෝජකයෙක් ඇවිල්ලා චාර්ටඩ් වැලුයුවර් කෙනෙක් හරහා එයාගේ පොපර්ෂල් එකත් එක්ක ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ ඉදිරිපත් කරනකොට චාටර් වැලුවර් දීපු ගානයි අපේ වැලුවේෂන් දෙපාර්තමේන්තුව දීපු ගානයි ඒ වගේ තුන් ගුණයක්. රජයේ වැලුයුවේෂන් එකේ ගණන වැඩියි. චාර්ටඩ් වැලුයුවර් දීපු ගණන අඩුයි. ඒ ආයෝජකයා ඉල්ලීමක් කරලා තිබුණා එයාට නැවත මේක අධ්‍යයනය කරන්න ඕන ඒක නිසා ඒ සදහා අවස්ථාව දෙන්න කියලා. විසුම්පාය අපිට සංවර්ධනය කරන්න බැහැ. ඒ හින්දා අපිත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට දීල තියෙනවා මේ සම්බන්ධව සාකච්ඡා කරලා කටයුතු කරන්න කියලා. ඒ අනුව ආයෝජකයාට අපි තවත් මාස 6 ක් යල් දීලා තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දුවක් අරන් තියෙනවා රජයේ වැලුවේෂන් දෙපාර්තමේන්තුවේ වැලුවේෂන් එකට අඩුවෙන් ඒක කරන්නම බැහැ කියලා යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *