• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ප්‍රමුඛ තනතුරු නිලවශයෙන් ප්‍රකාශයට පත් කළ පළමු LPL කණ්ඩායම බවට Jaffna Kings පත්වෙයි

22 October 2021
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එළැඹෙන 2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා ප්‍රමුඛ තනතුරු නිලවශයෙන් ප්‍රකාශයට පත් කළ පළමු කණ්ඩායම බවට පත්වෙමින් Jaffna Kings සිය කණ්ඩායමේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා සිදුකරන ලද පත්කිරීම් ප්‍රකාශයට පත්කරයි.

ඒ අනුව Jaffna Kings හි ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස ගනේෂන් වහීසන් (Ganeshan Vaheesan) පත්කර ඇත. හැරී යන නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින ගනේෂන් වහීසන් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. දීර්ඝකාලීන ක්‍රිකට් ලෝලියකු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයකු ද වන වහීසන් UKCC 3 වන තලයේ ක්‍රිකට් පුහුණුකරුවකු ද වෙයි.

කේම්බ්‍රිජ්ෂයර් (Cambridgeshire) කනිෂ්ඨ ප්‍රාන්ත ක්‍රිකට් සඳහා ද පුහුණුකරුවකු ලෙස සම්බන්ධ වන ඔහු ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහිත ක්‍රිකට් පුහුණුකරුවකු වෙයි. ඔහු වර්ෂ 2016 – 2019 දක්වා වසර සියයකට වැඩි ඉතිහාසයක් ඇති ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සමාජයක් වන March Town CC හි ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත. එම ක්‍රිකට් සමාජය සඳහා ඔහු කළ කැපවීම වෙනුවෙන් 2019 දී වහීසන් ‘Clubman of the year’ ලෙස ඇගයීමට ලක්කරයි. ඔහුගේ කළමනාකරණ හැකියාවන් සහ ක්‍රිකට් පිළිබඳ දැනුම නිසැකවම මෙවර LPL තරගාවලියේ දී අනෙක් කණ්ඩායම්වලට එරෙහිව Jaffna Kings කණ්ඩායමට වාසිදායක වනු ඇත.

2021 Jaffna Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිළ නියෝජනය කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිළිණ කණ්ඩම්බි පත්කර ඇත. 2020 ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම මෙහෙයවූ ප්‍රධාන පුහුණුකරු වූයේ ද තිළිණ කණ්ඩම්බි ය. මෙම වසර ආරම්භයේ දී ඔහු අබුඩාබි T10 හි ‘Bangla Tigers’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද පත්කරනු ලැබීය. LPL විස්සයි විස්ස තරගාවලියේ ස්වරූපයෙන්ම 2012 වර්ෂයේ දී පැවැති SLPL තරගාවලියේ දී Uva Next කණ්ඩායමට නායකත්වය දෙමින් ජයග්‍රාහී කුසලානය දක්වාම තම කණ්ඩායම මෙහෙයවිමට තිළිණ කණ්ඩම්බි සමත් විය. ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු එම විද්‍යාලයේ 13න් පහළ සිට 19න් පහළ දක්වා සියලුම කණ්ඩායම්වල නායකත්වය හොබවා ඇත. ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු පිළිගත් ක්‍රිකට් ආයතන කිහිපයකම විධිමත් පාඨමාලා අවසන් කර සිටින තිළිණ කණ්ඩම්බි 2016/17 වර්ෂයේ දී කොළඹ රාජකීය විද්‍යාලයේ පිතිකරණයේ පුහුණුකරු වූ අතර 2017/18 කාලයේ දී එම විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකාර ධුරය ද දරනු ලැබීය. එමෙන්ම ඔහු මෑතකදී SSCකණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට ද පත්කරනු ලැබීය. 2000 වර්ෂයේ පැවැති 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට උපනායකත්වය ලබා දෙන්නේ ද තිළිණ කණ්ඩම්බි ය. තවද ඔහු Bloomfield Cricket Club සහ Sinhalese Sports Club හි ද නායකත්වය හොබවා ඇත. ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු හා ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස ඔහු ලබා සිටින අත්දැකීම් Jaffna Kings කණ්ඩායම 2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය විජයග්‍රහණය සඳහා මෙහෙයවීමට නිසැකවම හේතු වනු ඇත.

2020 LPL තරගාවලියේ ජයග්‍රාහී යාපනය කණ්ඩායමට නායකත්වය දුන් හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා මෙවරද Jaffna Kings කණ්ඩායමේ නායකත්වය සඳහා පත්කර ඇත. ප්‍රහාරාත්මක පිතිකරුවකු සේම තුන් ඉරියව් ක්‍රීඩකයකු ද ලෙසින් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා IPL, PSL, ABU DHABI T10 ඇතුළු ලොව පුරා විස්සයි විස්ස ලීග් තරග ගණනාවක් සඳහාම
ක්‍රීඩාකර ඇති පළපුරුදු ක්‍රීඩකයෙකි. තිසර පෙරේරා එක්දින සහ විස්සයි විස්ස යන තරග ද්විත්වයේදීම කඩුළු ත්‍රිත්වයක් අත්පත් කරගැනීමට සමත් වන අතර ලෝක ක්‍රිකට් ඉතාහාසයේ මෙතෙක් එම දක්ෂතාවය දැක්වීමට සමත්ව ඇත්තේ ක්‍රීඩකයන් තිදෙනකු පමණි. තවද ඔහු 2014 වර්ෂයේ දී T-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අත්පත්කර දෙමින් ජයග්‍රාහී අවසන් ලකුණු ත්‍රිත්වය වේගවත් හතරේ පහරකින් සම්පූර්ණ කළ ක්‍රීඩකයා ද වෙයි. මෑතකදී පැවැති ප්‍රාදේශීය තරගයකදී ඔහු එක් පන්දුවාරයකදී හයේ පහර හයක් සහ කඩුළු ත්‍රිත්වයක් ද දවාගනිමින් සිය ප්‍රවේගකාරී ක්‍රීඩාශීලීත්වය විදහා දක්වන්නට සමත් විය.
Jaffna Kings කණ්ඩායමේ ආයතනික අලෙවිකරණ, සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ප්‍රමුඛ පෙළේ වෘත්තීය අලෙවිකරුවකු වන සාරංග විජයරත්න පත්කර ඇත. ඔහු මෑතකදී ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති අතර විජය පුවත්පත, සිලෝන් නිවුස් පේපර්ස් ඇතුළු ජාතික හා පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු කිහිපයක් හොබවා ඇත. 2020 LPL හි ඔහුගේ භූමිකාව එහි ශූරතාවය දිනූ යාපනය කණ්ඩායම සඳහා ලැබිය යුතු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමට හේතු විය. සාරංග විජයරත්න සතු වෘත්තීයමය අත්දැකීම් සහ අලෙවිකරණ ඥානය තුළින් Jaffna Kings කණ්ඩායම දේශීය සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතරට යෑමට හේතුවනු ඇත.

 

පිටපත – PR

 

 

Post Views: 0
Previous Post

සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර අනුරාධපුරයට ලගාවේ

Next Post

බැංකු සේවක අයිතිවාසිකම් සුරකිනවා – ඇමැති නිමල්

editor

editor

Next Post

බැංකු සේවක අයිතිවාසිකම් සුරකිනවා - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved