27 April 2024
#දේශීය

සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර අනුරාධපුරයට ලගාවේ

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය ජනතා ප්‍රදර්ශනය සඳහා රටපුරා වීදි සංචාරය කිරීමෙන් පසු හෙට (23 ) දින අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රය වෙත වැඩමකිරීමට නියමිතයි.

මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (22) දින උදෑසන ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙරෙන් ගමන් ආරම්භ කල අතර ඒ 12 මාර්ගය, හොරොව්පතාන, පුල්මුඩේ සහ කැබිතිගොල්ලෑව පසුකරමින් ගමන් කර අද දින ගමනාන්තය වන මඩුකන්ද දළදා විහාරය වෙත පැමිණේ.

පූජනීය මහා සංඝ රත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරෙනු ඇත.

පෙරහැර ගමන්ගන්නා අවස්ථාවේදී රථවාහන පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *