යාපනය, ඌරේළු ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී ඉන්ධන ගබඩාවක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාපනය දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය අද (22) සමත් විය. රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම තොගය සඟවා තබන්නට ඇති බවට සැක කෙරේ.
අදාළ වැටලීමේදී ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 4700ක්, පෙට්‍රල් ලීටර් 800ක් සහ භූමිතෙල් ලීටර් 400ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිසිය සඳහන් කරන්නේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන ජාවාරම්කරුවන් මැඩලීම සඳහා උතුරේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.












