• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතා විමුක්ති පෙරමුණ බලය ගන්න මිනිස්සු මරපු පක්ෂයක් – ඇමති ප්‍රසන්න රණතුංග

6 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මිනිසුන් ඝාතනය කර රාජ්‍ය දේපළ විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් විය හැකිනම් අවිහිංසාවාදී දේශපාලන පක්ෂයක්වන තම පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමට සිය දහස් ගුණයක අයිතියක් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල හා හලාවත ප්‍රදේශවලදී ඊයේ (5) පැවති දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක හමුවලට සහභාගී වෙමිනි. කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්ක වල පළාත් පාලන ආයතන සඳහා මෙවර පොහොට්ටුවෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂයන් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණ.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද සඳහන් කළේය. “මෙතනට ආවට පස්සේ හැමෝම ඇහුවේ ඇමතිතුමා මැතිවරණය තියනවද නැද්ද කියලා. ඒකට මටවත් මහලේකම්තුමාටවත් උත්තරයක් දෙන්න බැහැ. හේතුව අධිකරණයට ගිහින් තියෙන්නේ. 9 වෙනිදා 10 වෙනිදා වන විට අධිකරණය ලබා දෙන තීන්දුව මත තමයි මැතිවරණය පැවැත්වෙනවාද නැද්ද කියලා තීන්දු වෙන්නේ. රටේ ආර්ථිකයත් එක්ක මේ වෙලාවේ මැතිවරණය තියෙන එක ඉතාමත් අවධානම් තත්ත්වයක තියෙන්නේ. මීට මාස 8 කට පමණ පෙර අපිට ඉන්ධන ටික තිබුණේ නැහැ. අපිට ගෑස් ටික තිබුණේ නැහැ. අත්‍යවශ්‍ය බෙහෙත් ටික ගෙන්න ගන්න තිබ්බේ නැහැ. දැන් යම් තරමකට ආර්ථිකය කළමනාකරණය කරගෙන යන මොහොතක මැතිවරණයට බිලියන 10ක් වගේ මුදලක් වෙන් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. පසුගිය දිනවල රාජ්‍ය සේවක වැටුප පවා අවස්ථා දෙකකට ගෙව්වේ. සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා ගැන ගැටළු මතු වුනා. හැමෝම අහන දෙයක් තමයි මේ මැතිවරණය තියන්නම ඕනද මේ වෙලාවේ කියන එක. මේ ප්‍රශ්නය අධිකරණයට යොමු වෙලා තියෙන්නේ. මැතිවරණය තියනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ අධිකරණය මිසක් ආණ්ඩුව නෙමෙයි. අපි තමයි අමාරුම අවස්ථාවේදී ඡන්දයට මුහුණ දෙන්නේ. මැයි 9 සිද්ධිය සමග රටේ ඇතිවුණු අරගලකාරී වාතාවරණය තුළ අපේ මන්ත්‍රීවරු මැරුවා. ගොඩක් අය හිතන් ඉන්නේ අපේ එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණයි මැරනේ කියලා. එම සිද්ධි මාලාව තුළ ගුටිකාලා තුවාල වෙලා රෝහල් ගතවෙලා හිටපු දහ දොලොස් දෙනෙක් පමණ අපේ ආධාරකරුවන් මැරුණා. ගෙවල් ගිනි තිබ්බේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විතරක් නෙමෙයි පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ සහ පාක්ෂිකයින්ගෙත් ගෙවලුත් ගිනි තිබ්බා. මැයි 09 වෙනිදා මේ සිද්ධිය නොවුණත් ඔවුන්ගේ සැලසුමකට අනුව වෙනත් දිනක හරි මේ ප්‍රහාරය ක්‍රියාත්මක වෙන්න තිබුණා. ඔවුන්ට ඕනවුණේ අපේ පාක්ෂිකයෝ, ආධාරකරුවෝ බය කරන්න. අරගලයට නායකත්වය දීපු අය දැනගෙන හිටියා මැතිවරණයක් ළඟ එන බව. ඒකට කලින් අපේ ගම්වල අයව නිහඩ කරන්නයි මේක කළේ. මගේ දිස්ත්‍රික්කයේ තමයි ලංකාවෙම වැඩිම නිවාස ගිනි තිබ්බේ. ඒකෙනුත් වැඩිම ප්‍රමාණයක් මාගේ ආසනයේ තමයි සිද්ධ වුනේ. සභාපතිතුමා ඇතුළු 10කගේ නිවාස ගිනි තිබ්බා. ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ප්‍රතිඵල බලද්දි ලංකාවේ වැඩිම ගණනකින් දින්නේ ගම්පහ. මන්ත්‍රීවරු 13 ක් පත්වුණා. ඔවුන් බැලුවා කොහොමද අපිව නිහඩ කරන්නේ කියලා. අපි ආණ්ඩුව අරගෙන අවුරුදු දෙක හමාරයි. රටේ ආර්ථිකයට සිදු වු හානියට අපි සම්පූර්ණයෙන් වගකිව යුතු නෑ. ඇයි එහෙනම් අපේ ගෙවල් ගිනි තිබ්බේ. ඒක දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිදු වු කුමන්ත්‍රණයක්. පොහොට්ටුව නිහඬ කරන එක ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කරන්න බැරි නිසයි මේ කුමන්ත්‍රණය සිදු වුනේ. අරගලයට මුවා වෙලා ත්‍රස්තවාදී ලෙස අපේ මිනිස්සුන්ට ගහලා, බය කරලා දේශපාලනය නවත්වන්නයි ඔවුන්ට ඕනේ වුණේ. අපි අවිහිංසාවාදි පක්ෂයක්. අපේ ජනාධිපතිවරවයා ඉවත් වුණාම හොදම විකල්පය බවට පත් වුනේ රනිල් වික්‍රමසිංහ මහතායි. මම තරම් බැනලා නැතුව ඇති රනිල් වික්‍රමසිංහටයි, මෛත්‍රිපාලටයි වෙන කවුරුවත්. හැබැයි අපිට ඒ වෙලාවේ තිබ්බ විකල්පය ඒක. අපේ ආරක්ෂාව ගැන, පාක්ෂිකයෝ ගැන ගැටළුවක් අපිට තිබ්බා. ඒකට සුදුසු නායකත්වයක් අත්දැකීම් ඇති කෙනෙක් අවශ්‍යයි කියලා තමයි අපි එතුමව පත් කර ගත්තේ.
ජේවිපි එකත් මිනි මරපු පක්ෂයක්. රාජ්‍ය දේපල ගිනි තිබ්බ පක්ෂයක්. ඔවුන්ට පුළුවන් නම් ඇයි අපිට බැරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න. අපිට ඔවුන්ට වඩා සිය ගුණයක අයිතියක් තියෙනවා. අපි පක්ෂයක් ලෙස තීන්දු කළා මේකට ඉදිරිපත් වෙනවා කියලා. මිනිස්සු හිතන් ඉන්නේ ජාතික ජන බලවේගය කිවුවම පිරිසිදු පක්ෂයක් කියලා. මං වගකීමෙන් කියනවා මැයි 9 සිද්ධිය ඇති කරන්න මිනි මරන්න කටයුතු කලේ ඔය ජාතික ජන බලවේගයේ අය. එදා මගේ ගේ ගිනි තියපු කෙනා තමයි මිනුවන්ගොඩ රැස්වීමේ ප්‍රධාන කථිකයා. අදටත් පොලිසියෙන් අල්ලලා නැහැ. මං මේ කියන්නේ අරගලයට නායකත්වය දුන්නේ, අයිස් ගහලා මිනි මරන්න නිවාස ගිනි තියන්න නායකත්වය දුන්නේ ජේවිපි එකයි. දැන් සුදොනො වගේ වෙන්න හදනවා.
අනුර කුමාරගෙ පුතා හිටියෙ මිහින් ලංකා එකේ. එතකොට මගේ සහෝදරයා ඒකෙ සභාපති. මහින්ද රාජපක්ෂ ජනාධිපති. පස්සෙ කාලෙකදි මිහින්ලංකා එක වැහුව්වා. විශාල පිරිසකට රැකියා නැති වුණා. නමුත් අනුර කුමාරගෙ පුතා ඩීල් එකක් දාල එයා විතරක් ශ්‍රී ලංකන් එයර් ලයින් එකට ගියා. තමන්ගෙ දරුවන් වෙනුවෙන් තාත්ත කෙනෙක් විදියට අනුර කුමාර පෙනී සිටියා. ඒකෙ වැරැද්දක් නෑ. වැරැද්ද තියෙන්නෙ එතන නෙවෙයි. වැරැද්ද තමයි තමන්ගෙ දරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා. අනිත් දරුවන් මහපාරට දාල ගුටි ගස්සනවා. ඒක තමයි වැරැද්ද.
පසුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණ කොළඹ ප්‍රධාන හෝටලයක ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡාවක් තිබ්බා. පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මතය මොකද්ද කියල එ‍හිදී ප්‍රශ්නයක් අහනවා. පුද්ගලික විශ්ව විද්‍යාලවලට එකඟ බව ජනතා විමුක්ති පෙරමුණ කියනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පුද්ගලික විශ්ව විද්‍යාලයක් බවට පත්කරන්න පනත පාර්ලිමේන්තුවෙ සම්මත කර ගත්තෙ. ජ.වි.පෙ ඒකට විරුද්ධ වුණා. පුද්ගලික විශ්ව විද්‍යාලවට විරුද්ධව ගමේදී කෑ ගහන ජ.වි.පෙ ව්‍යාපාරිකයන් ඉස්සරහ කියනව පුද්ගලික විශ්ව විද්‍යාලවලට එකඟයි කියල. එමෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න තියෙන සැලසුම් ගැන අහනවා. මේ ආර්ථික අර්බුදය විසඳන්න තුන්වැනි පාර්ශවයක් සම්බන්ධ කරගන්නා බව ජ.වි.පෙ කියනවා. හැබැයි කවුද කියල කියන්නෙ නෑ. අපි දැනට අයි.එම්.එෆ් එක තුන්වැනි පාර්ශවයක් විදියට සම්බන්ධකරගෙන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙත් ඒකමයි. එතන දි අපි දෙගොල්ලගෙම වෙනසක් නෑ. 71/88/89 දී බලය රැක ගන්න නෙමෙයි, බලය ගන්න මිනිස්සු මරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ. ඒ පක්ෂයේ ඇතැම් අයගෙ අත්වල ඇඟිලි නෑ. අත් නෑ. ඒ 88/89 යුගයෙදි බෝම්බ හදල කරපු දේවල්වල ප්‍රතිඵල. ඇත්තම කතාව ජනතා විමුක්ති පෙරමුණ ගමට කියන එක නෙවෙයි තවත් තැනකදි කියන්නෙ. එදා කොළඹට කිරි, ගමට කැකිරි ප්‍රතිපත්තියම තමයි අද ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කරන්නේ. ගමට එක ප්‍රතිපත්තියක්, නගරයට තව ප්‍රතිපත්තියක්. අපි මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු පක්ෂයක්. ජනතා විමුක්ති පෙරමුණ බොරු කියනවා. කොරෝනා කාලේ අපි මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න අපි කැපවුණා. අපි මිනිස්සුන්ව ජීවත් කරවපු අයයි. ඔය කොවිඩ් කාලේ අද ඔය ජ.වි.පෙන් ඡන්ද ඉල්ලන අය කොහෙද හිටියේ. පැත්ත පළාතක හිටියේ නෑ. ගමේ මිනිස්සුන්ව බලා ගත්තේ පොහොට්ටුවේ අය. අපේ පක්ෂය කවදාවත් මිනිස්සු මරලා නෑ. ඡන්දය දුන්නයි කියලා ඇඟිලි, අතපය කපලා නෑ. එහෙම ගත්තාම ජ.වි.පෙ අපිට වඩා වහල්ලු. ස.ජ.බ යේ ඉන්නෙත් එහෙම අය තමයි. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර, සන්ත නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, ඩී.බී හේරත් රාජ්‍ය අමාත්‍යවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක මායාදුන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 0
Previous Post

“ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී

Next Post

වර්තමාන ආණ්ඩුව ජනවරමක් නෑ – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

වර්තමාන ආණ්ඩුව ජනවරමක් නෑ - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved