• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික ව්‍යසනයේ පළමු විත්තිකරු වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි – මන්ත්‍රී විමලවීර

17 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ බරපතලම ආර්ථික ව්‍යසනයේ පළමු විත්තිකරු වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ඔවුන් 1977, 88, 89 වසරවල මේ රටේ කළ දේපල විනාශය රුපියල් කෝටි හතළිස් නව ලක්ෂයකට ආසන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, “මේ දිනවල අයවැය පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ 2024 වසරේ ආර්ථිකය, සමාජ පැවැත්ම පිළිබඳව කියවෙන, ලියවෙච්ච වැදගත්ම ලියවිල්ල තමයි අයවැය ලේඛනය කියන්නේ. දැන් විපක්ෂය චෝදනා කරනවා ගිය අවුරුද්දේ කියවුණු දේවල් මේ අවුරුද්දේ තිබෙනවා, ගිය අයවැයේ කියපුවා සම්පූර්ණ කරලත් නැහැ කියලා. ඒක ඇත්ත. සමස්ථ ඉතිහාසයම කියෙව්වොත් ඒ ඒ අවුරුදුවල ඒ ඒ ආණ්ඩු ඉදිරිපත් කරපු අයවැය ලේඛන සියයට සියක් පරිපූර්ණව සම්පූර්ණ කරලා නැහැ. එහෙනම් මේ රට මීට වැඩිය තැනක තිබෙන්න ඕන. අනිත් පැත්තෙන් ඒ අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන දේට වැඩියක් මේ රටේ අහම්බෙන් සිදුවෙලා තිබෙනවා. 1983 – 2009 දක්වා තිබුණු යුද්ධයෙහි වියදම් කවුරුත් තක්සේරු කරන්නේ නැහැ. නමුත් අවුරුදු 75 ක් රට කෑවා කියලා කියන්නේ. ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙක, සුනාමි ව්‍යසනය, කොරෝනා වසංගතය මෙය අයවැය ලේඛනයකින් හුඟක් අවස්ථාවලදි පුරෝකථනය කරන්න බැරි දේවල්. දැන් විපක්ෂය කියනවානම් අයවැය ලේඛනයේ තිබුණු ඒවා කළේ නැහැ කියලා 2015 සිට 2019 දක්වා මේ රට පාලනය කළේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායමක් සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් හිටියා. 7.2 % තිබුණු ආර්ථික වර්ධන වේගය 2.3% දක්වා පහළට ගෙනත් තිබුණෙත් ඒ ආණ්ඩුව කාලයේ. 2015 – 2019 දක්වා රුපියල් ත්‍රිලියන හයක ණය අරගෙන තිබෙනවා. එයින් හදපු දේවල් මොනවාද? නමුත් මොරගහකන්ද ජලාශය, අධිවේගි මාර්ගය හැදුවේ මහින්ද රාජපක්ෂ යුගයේ. දැන් අවුරුදු හතරාමාරක පාලනයක පස්සේ 7.2% ආර්ථික වර්ධන වේගය 2.3% අඩුකරපු පිරිස අපිට ආර්ථික විද්‍යාව උගන්වනවා. දැන් මේ දවස්වල යන ප්‍රවෘත්තිය තමයි ආර්ථිකය බිඳදාපු පිරිස කවුද කියලා. මේ රට බංකොලොත් කළේ කවුද? මම කියන්න කැමති මේ රටේ බරපතලම ආර්ථික ව්‍යසනය පළමු විත්තිකරුවා ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් 1977, 88, 89 වසරවල මේ රටේ කරපු දේපලවල විනාශය රුපියල් කෝටි හතළිස් නව ලක්ෂයකට ආසන්නයි. ඔවුන් විනාශ කරපු බෝක්කු, පාලම් , ගොවිජන කේන්ද්‍රය, තේ කම්හල, බස් රථ, පුස්තකාල මේ සියල්ල කවර හෝ ආණ්ඩුවක් නැවත ගොඩනගලා තිබෙනවා. ඒ සඳහා වැය කර මුදල් දේශීය සහ විදේශීය ණය. මේ ආර්ථික බංකොලොත්භාවයේ පළමුවෙනි විත්තිකරුවා ජනතා විමුක්ති පෙරමුණයි. කවුරුත් නඩු දාලා තිබෙනවා ද ඒ විත්තිකරුවන්ට. දෙවෙනි විත්තිකරුවා එල්.ටි.ටි.ඊ සංවිධානය. පාලම්, ගොඩනැගිලි බිමට සමතලා කරනු ලැබුවා. දුම්රිය මාර්ග විනාශ කළා. ජනතා විමුක්ති පෙරමුණයි, එල්.ටි.ටි.ඊ. සංවිධානයෙයි මේ රට විනාශ කරන්න කටයුතු කරපු දේවල් නැවත පුනරුත්තාපනය කරලා , තිබුණාට වැඩිය හොඳ රටක් හැඳුවේ රාජපක්ෂ ආණ්ඩුව. ඔවුන් තමයි මේ රට නැවත ගොඩනැගුවේ. මේ රටේ තිරණාත්මක අවස්ථා තුනකදි , මේ රට බේරගන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. අපිට පණදුන්නේ මැරුණු දේශයට ආපහු ජිවිතය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපිව කවුරුත් බේරගන්න හිටියේ නැහැ. කවුරු හරි කියනවානම් රාජපක්ෂලාට කඩේ යනවා කියලා. ඔව්. රට ගම බේරා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මගේ ගමේ ලයිට් කණු තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හින්දා. මගේ ගමේ ජලය, පාරවල් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හින්දා. රනිල්, සජිත්, අනුර හින්දා නොවේ. ඇයි මම ඒ සත්‍යයට ගරු කරන්නේ නැත්තේ. අපි නැත්තනම් කුහකයෝ නේද? මේ රටේ ඉතිහාසයේ දැවැන්තම ඛේදවාචකයෙන් මේ රට ගලවාගන්න හිටිය ඒ මහින්ද ද්‍රෝහියෙක්ද? ඒ රාජපක්ෂවරු ද්‍රෝහියෝද? ඒ පිරිස අපිට පණදුන්න මිනිස්සු නොවේද? බියෙන් සැකයෙන්, මරණ භියෙන් තැතිගත් දේශයකට පණ දුන්න මිනිස්සු අද ද්‍රෝහියෝ කරලා තිබෙන්නේ. දැන් වීරයෝ හුඟයි. එදා වීරයෝ කවුරුත් හිටියේ නැහැ. කොළඹට බෝම්බ දාන්න එනවා කිව්වාම බෝක්කු අස්සේ හිටියේ පිරිස්. ඒ නිසා මේ මොහොත මේ රටේ අකාරුණික යුගයයි. රාජපක්ෂවරු නොහිටියානම් අද මේ රට බේරගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම සුනාමියේදී විනාඩි ගාණකදි මේ රටේ දහස් ගාණක් ජනතාවත්, දේපළත් මුහුදට ඇදගෙන ගියා. මුළු ආර්ථිකයම අර්බුදයකට ලක්වුණා. එයට ගොදුරු වෙච්ච මිනිහෙක් මම. අපිට කිසිම සරණක් නැති අවස්ථාවේ ඒ යුගයේත් මේ මහා ඛේදවාචකයෙන් තිබුණාටත් වඩා යහපත් රටක් හදලා දුන්නේ රාජපක්ෂවරු නොවේද? ඒ වගේම කොරෝනා දස ලක්ෂ ගණන් ඇමරිකාවේ, ඉන්දියාවේ මහ මඟ මැරෙද්දි මේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ ජිවිත බේරගෙන දුන්නේ මේ රාජපක්ෂවරු නොවේද? මේ තිරණාත්මක ඓතිහාසික සිද්ධින් තුනේදීම මේ රට ගලවා ගත්තේ රාජපක්ෂවරු. නමුත් දැන් ඔවුන් ද්‍රෝහියෝ වෙලා තිබෙනවා. හැබැයි බිහිසුණු අවස්ථාවේ රාජපක්ෂවරු හිටියේ නැතිනම් අද ශ්‍රී ලංකාවක් නැහැ. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ තමයි මේ රට බේරගත්තේ. යුද්ධයෙන් විනාස වුණු උතුරු නැගෙනහිර යුද්ධයක් තිබුණාද නැද්ද කියලා හොයාගන්න බැරි විදිහට පාරවල් හදලා, විදුලිය, ජලය දිලා පාසල් හදලා ඒ සියලු දේ ගොඩනැගුවේ උතුරු වසන්තයයි. නැගෙනහිර උදානය කළෙත් බැසිල් රාජපක්ෂ මැතිතුමයි. ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමාට කපුටු කාක් කියන එක්කෙනෙක්වත් අපිට වතුර දුන්නේ නැහැ. අපිට විදුලිය දුන්නේ නැහැ. පාරවල් හදලා දුන්නේ නැහැ. මේ රාජපක්ෂවරු තමයි ගමට බැහැලා, රටට බහැලා ඒ සියල්ල ආපහු ගොඩනගලා මේ රට ආපහු තිබුණාට වැඩිය හොඳ රටක් හැටියට හැදුවේ. ඒ රුපියල් කෝටි ලක්ෂ ගණන් දේපළ විනාශ කරපු, මංකොල්ල කාපු, ගිනි තියපු පිරිස අද නිදහසේ කිසි චෝදනාවක් නැතිව ඉන්නවා. සුමන්දිරන්, දෙමළ සන්ධානේ මන්ත්‍රිවරු අද යාපනයට, කන්කසන්තුරේට, වව්නියාවට, මඩකලපුවට යන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිංසිද්ධ වෙන්න. මේ රට වෙනුවෙන්, මිනිස් ජිවිත වෙනුවෙන්, මේ රට ආරක්ෂා කරන්න වැඩිම මෙහෙය කරලා තිබෙන්නේ රාජපක්ෂවරුන්.”යනුවෙන් මන්ත්‍රී විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Post Views: 0
Previous Post

‘CFW Luxury Resortwear edition’ 2023 එළැඹෙන 29 සහ 30 යන දිනවලදී පැවැත්වේ

Next Post

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ ඇති වූ හදිසි බිඳවැටුම ඉක්මනින් යථාතත්ත්වයට පත් කරනවා – විදුලිබල මණ්ඩලය

editor

editor

Next Post

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ ඇති වූ හදිසි බිඳවැටුම ඉක්මනින් යථාතත්ත්වයට පත් කරනවා - විදුලිබල මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved