27 April 2024
#දේශීය

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ ඇති වූ හදිසි බිඳවැටුම ඉක්මනින් යථාතත්ත්වයට පත් කරනවා – විදුලිබල මණ්ඩලය

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටුම නිසා එම ජනන යන්ත්‍රය ඊයේ රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන අතර බලාගාරයේ කාර්ය මණ්ඩලය මෙම හදිසි බිඳවැටීම යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ ප්‍රධාන නඩත්තු කටයුතු (Level A – Major Overhaul) අවසන් කර ඇති අතර මේ වන විට එහි පරීක්ෂණ ධාවන කටයුතු (Test-Run) සිදු කරනු ලැබෙන බව විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසිය.

ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය ඉතා ඉක්මනින් විදුලිය නිෂ්පාදනය සඳහා යොමු කිරීමට හැකිවන අතර මෙම හේතු නිසා විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර මෙම නඩත්තු කාලය තුල උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට ලංවිම කටයුතු කරනු ලැබෙන බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *