• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට සහ ජනතාවට සෙත් පතා ජනපති ප්‍රධානත්වයෙනි ජය පිරිත් සඡ්ඣායනයක්

27 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධාන කරන “ජය පිරිත් සඡ්ඣායනය” ඊයේ (26) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මහානායක, අනුනායක හිමිවරු ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ භික්ෂූන් වහන්සේ දහස් නමකගේ සහභාගීත්වයෙන් ජය පිරිත් සඡ්ඣායනය සිදු කෙරිණ. මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ආබාධ සහිත රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද කිරීම ජය පිරිත් සඡ්ඣායනයේ තවත් අරමුණකි.

රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී භික්ෂූන් වහන්සේ 3,000 – 5,000 අතර පිරිසකගේ සහභාගීත්වයෙන් “ජය පිරිත” පළමු වරට සංවිධාන කරනු ලැබීය. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ජය පිරිත් සඡ්ඣායනය සඳහා මහා සංඝරත්නය දහස් නමක් පමණක් වැඩම කරවීමට පියවරගත් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

සධාතුක කරඬුව හා පිරුවානා පොත් වහන්සේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු වැඩම කර වු අතර ජනාධිපතිතුමා සධාතුක කරඬුව පිරිත් මණ්ඩපයෙහි තැන්පත් කර, ගිලන්පස සහ අධිෂ්ඨාන පූජාව සිදු කර, මහා සංඝරත්නයට පිරිත සඳහා ආරධනා කරනු ලැබීය.

අනුශාසනා සිදු කළ මහාසංඝරත්නය කොවිඩ් වසංගතය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක වී සමස්ත රටවැසියන්ට නිදුක් නිරෝගී සහ මානසික සුවය ප්‍රාර්ථනා කළහ. ගත වූ දෙවසරක කාලය තුළ ලෝවැසියන්ට මුහුණදීමට සිදු වූ අභියෝගාත්මක කාල පරිච්ඡේදය නිවැරදිව වටහාගෙන රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහායවීම සියලුදෙනා ඉදිරියේ පැවරී ඇති වගකීමක් බව උන්වහන්සේ අවධාරණය කළහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස යන ස්වාමීන් වහන්සේ අනුශාසනා සිදු කිරීමෙන් අනතුරුව ජය පිරිත් සඡ්ඣායනය ආරම්භ විය.

අද (27) උදෑසන පැවති හීල දානමය පිංකමට ද ජනාධිපතිවරයා සහභාගී විය.

ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු, ආරක්ෂක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිංකම වෙනුවෙන් දායකත්වය ලබා දී තිබිණ.

කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මහජන නියෝජිතයෝ, ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක අංශවල සාමාජිකයෝ, රණවිරු පවුල්වල සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 4
Previous Post

හැමදේටම බනින්නේ පාර්ලිමේන්තුවේ 225 ටයි – මන්ත්‍රී ප්‍රමිත කියයි

Next Post

බලය ඩැහැ ගැනීමේ වෙනුවට ජනතා බලයක් ගොඩ නඟමු – දුමින්ද නාගමුව

editor

editor

Next Post

බලය ඩැහැ ගැනීමේ වෙනුවට ජනතා බලයක් ගොඩ නඟමු - දුමින්ද නාගමුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved