27 April 2024
#දේශීය

හැමදේටම බනින්නේ පාර්ලිමේන්තුවේ 225 ටයි – මන්ත්‍රී ප්‍රමිත කියයි

තම තමන්ගෙන් රටට සිදු කළ හැකි සේවය නිසි ලෙස තේරුම්ගෙන කටයුතු කර රට ගොඩනැගිය හැකි බවත් මොනදේ කළත් පාර්ලිමෙන්තුවේ සිටින 225 දොස් නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරිමේ වැඩ සටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, යටවත්ත හා මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා 2020/2021 වර්ෂවලදී බදවා ගන්නා ලද උපාධිධාරි අභ්‍යාසලාභීන් 1326නෙකු සදහා ස්ථිර පත්විම් ලිපි ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු තෙන්නකොන් මහතා ” හොදක් අහන්න නම් මැරෙන්නම ඕන රටක්.වැඩක් කරලා හොදක් ඇහැව්වේ කව්ද මේ රටේ?නිදහස් අධ්‍යාපන පනත හදපු කන්නන්ගර මහත්තයා ඡන්දෙන් පරද්දලා ගේදර යවපු රටක් මේක.ප්‍රථම වතාවට නැව් රජයට ගත්තු P.B කලුගල්ල මහත්තයාට නැව් හොරා කියලා නම දාපු රටක් මේක. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙනාව සිරිමාවෝ මැතිණිය බිංදු කුමාරි කරලා ඉඩම් හොරා කියපු රටක් මේක.මහවැලිය හදපු ගාමිණි දිසානායක මහත්තයට ලැබුන නම්බු නාමය තමයි මහවැලි හොරා කිව්වා.යුද්දය දිනපු අධි වේගි මාර්ග හදපු මහින්ද මහත්තයට ලැබුන නම්බුනාමය තමයි මහින්ද හොරා.කිව්වා.අනගාරික ධර්මපාල තුමාගේ පිළිරු හන්දි හන්දි ගානේ හදලා අද සැමරුම් ගුණ කතන මාසේන් මාසේට තියෙනවා හැබැයි ජිවත් වෙලා ඉන්නකොට රටත් දාලා ගියා එතුමා.මේ වන විට ලංකාවේ වසම් දාහතරදහසක් තියනවා.ඒ හැම වසමකට නිලධාරින් ඉන්නවා.නිලධාරින් හැත්තැදහසක් පමණ මුලු පිරිස ඉන්නවා.ඔවුන්ගේ නිසි කාර්යභාරය ඉටු වුනානම් මේ තරම් ප්‍රශ්න තියන්න පුළුවන්ද?ප්‍රශ්න සියයට 50ක් විසදන්න පුළුවන්.වසර 73ක් තිස්සේ රට කරවපු පිරිසට මුහුණුපොතින් බණිනවා.නමුත් තමන්ගෙන් රටට විය යුතු සේවය නිසි ලෙස ඉටු වුවාද කියන එක ප්‍රශ්නයක්.අද වන විට විදේශරටවල් වලට සේවය සදහා තරුණ පිරිස් රට යනවා කියලා දොස් කියනවා.නමුත් රට ගිහින් විර්‍ශාම වැටුප් සහ වරප්‍රසාද ඉල්ලන්නේ නැහැ.අපේ රටේ රාජ්‍ය සේවයට ඇවිත් ඒ සියල්ල ඉල්ලනවා.මේ දේවල් වෙනස් විය යුතුයි.උපාධිය කියන්නේ අධ්‍යාපනය මනින මිම්මක්.ජිවිතය පිළිබදව උපාධිය හැදැරිය යුතුයි.පාසල් නොගිය පිරිස් එදා දාර්ශනිකයන් වුණා.විද්වතුන් වුණා.රට සංවර්ධනය කරා යන ගමනේදි ඔබ සියලු දෙනාගේ සහය අවශ්‍යයි.ඒ සදහා පත්විම් ලබන සියලු දෙනා කැපවිමෙන් වැඩ කළ යුතු බවද තෙන්නකොන් මහතා පැවසිය.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක, මහතා ඇතුළු පාළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *