Universal Cheerleaders Association (UCA) සහ Varsity Spirit ආයතනවල නිර්මාතෘ මෙන්ම ජාත්‍යන්තර ප්‍රීතිඝෝෂණ සංගමයේ (ICU) සභාපතිවරයා ලෙස කටයුතු කළ Jeff Webb මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 76 වැනි වියේ පසු වූ ඔහු හදිසි අනතුරකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නූතන ප්‍රීතිඝෝෂණ (Modern Cheerleading) ක්‍රීඩාවේ දැවැන්තයෙකු ලෙස සැලකෙන Jeff Webb මහතාගේ අභාවය Varsity Spirit ආයතනය විසින් නිල වශයෙන් තහවුරු කර ඇත. ඔහු ලොව පුරා විසිරී සිටින ප්‍රීතිඝෝෂණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රජාව අතර මහත් ගෞරවයට පාත්‍ර වූවෙකි. ඔහුගේ අභාවය වෙනුවෙන් උපහාර වීඩියෝවක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ, ඔහු ගොඩනැඟූ මෙම ප්‍රජාව අනාගත පරපුරට ද මහත් ආස්වාදයක් වනු ඇති බවයි.
Jeff Webb මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි Varsity Spirit හරහා ලොව පුරා ක්‍රීඩා පිටි තුළ නව උද්යෝගයක් ඇති වූ අතර, ඔහු මෙම ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ක්‍රීඩාවක් දක්වා ඔසවා තැබීමට සුවිශාල මෙහෙවරක් ඉටු කළේය. ඔහුගේ අනපේක්ෂිත අභාවය හේතුවෙන් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් සිය ශෝකය පළ කරමින් සිටිති.














