• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපන් භාෂා ප්‍රවීණතාවය නොමැති 1000කට රැකියා අවස්ථා – ඇමැති මනුෂ

26 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara මහතාගෙන් ඉල්ලීමක් කළේය.

අමාත්‍යවරයා මෙම ඉල්ලිම කර ඇත්තේ මෙරට සිටින ජපාන තානාපති භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara මහතා ඇතුළු ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් අද (26) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදිය.

දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනීම පිළිබදව මෙන්ම ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට ලබාදීමට ඇති හැකියාව ගැනත් අවධානය යොමු කළේය.

මේ වන විට ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් විවෘතව පවතින්නේ භාෂාව හදාරා ඇති තරුණ තරුණියන්ට පමණක් වන නිසා ඉදිරියේදී භාෂා ප්‍රවීනතාවයක් නොමැති තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවස්ථාව ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ජපාන ඉල්ලා සිටියේය. ඒ අනුව ජපානයට ගොස් භාෂාව හදාරා රැකියාවක යෙදීමේ අවස්ථාව, පාසල් හැර ගිය තරුණ තරුණියන් දහසකට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වු ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara මහතා පැවසුවේ වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලබාදීමට ජපානය සෑම විටම කටයුතු කරමින් සිටින බවය. විශේෂයෙන්ම සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට ජපානය වැඩි කැමැත්තකින් සිටින බවද, ජපානයේ වියපත් ජනගහනය ඉහළ යමින් තිබෙන නිසා මෙම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් වර්ධනය වන බවද ඔහු කීය.

ලංකාව සෑම විටම ජපානයේ මිත්‍ර රටක් සේ සලකන බව පැවසූ ජපාන භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියා සැන් ප්‍රැන්සිස්කෝ සමුළුවේදී, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන “නහි වේරේන – වේරානී” යන ධම්ම පද පාඨය උපුටු දක්වමින් ජපානය වෙනුවෙන් කළ කතාවද සිහිපත් කළේය.

විදේශ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සදහා ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාදී, ඔවුන්ට ජපානයේ රැකියා අවස්ථාවන් ලබාදීම පිළිබදවත් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ අතර ජයිකා ආයතනය හරහා ජපාන භාෂා ගුරුවරුන් මෙරටට එවීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු විය.

Post Views: 15
Previous Post

කෝප්, කෝපා ඇතුළු කාරක සභාවල බලතල වැඩි කිරීමේ සංශෝධන – සභානායක කථානායකවරයාට භාර දෙයි

Next Post

ගුරුවෙලට අන්නාසි ආදර්ශනයක්

editor

editor

Next Post

ගුරුවෙලට අන්නාසි ආදර්ශනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved