27 April 2024
#සංවර්ධන

ගුරුවෙලට අන්නාසි ආදර්ශනයක්

ශ්‍රි ලංකා මහවැලි අධිකාරියට අයත් ලග්ගල, ගුරුවෙල ආදර්ශ ගොවිපලට නව අන්නාසි ප්‍රභේදයක් හදුන්වා දීම පසුගියදා සිදුවිය.

MD2 l ලෙස හදුවන මෙය ඊශ්‍රායල් අන්නාසි ප්‍රභේදයකි. හිරු එළිය හොදින් පතිතවන විවෘත බිම්වල වගාකළ හැකි කටු රහිත මෙම නව අන්නාසි ප්‍රභේදය සදහා ලෝක වෙළදපළේ ඉහළ ඉල්ලුමක් පැවතීම විශේෂත්වයකි. ‍

කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් මෙම නව ප්‍රභේදය හදුන්වාදීම තීබේ. ශ්‍රි ලංකාවේ දේශගුණික තත්වයන් යටතේ වගාකළ හැකිදයන්න පරික්ෂා කිරීම මෙම වගා ආදර්ශන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

මෙම වගා ආදර්ශනය සදහා අවශ්‍ය පටක‌ රෝපණ පැළ, පොලිතීන් වසුන් ඇතුළු ද්‍රව්‍ය හා තාක්ෂණ උපදෙස් කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් සපයනු ලබයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *