පවත්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම පරාජය කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙම ප්‍රතිසංස්කරණ විශේෂඥ කමිටුවකට යොමු කළ යුතු බව හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවා පිළිගෙන තිබූ බවයි. එදා සුසිල් ප්‍රේමජයන්ත මහතාට ඒ බව ප්‍රකාශ කිරීමට තරම් “කොන්දක්” තිබුණද, වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාට එවැනි ශක්තියක් නොමැති බවට ඔහු චෝදනා කළේය.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවිද්‍යාත්මක බවත්, ඒවා පරාජය කිරීමේ අවශ්‍යතාවය සියලු වෘත්තීය සමිති සහ ප්‍රවීණයන් එක්ව අවධාරණය කරන බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියේය. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැති මෙම හමුව සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් සහභාගී වී සිටියහ.














