ලන්ඩනයේ පදිංචිව සිටින ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතාට ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු යැයි හඳුන්වා ගන්නා පුද්ගලයෙකුගෙන් තර්ජනාත්මක බලපෑම් එල්ල වෙමින් පවතින බව ඔහු අනාවරණය කරයි. තමා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ ‘මේජර් සේනාරත්න’ ලෙස හඳුන්වා දෙන පුද්ගලයෙකු, උවිඳු මහතාගේ වෙබ් අඩවියේ වගකිවයුතු පුද්ගලයන්ගේ තොරතුරු ඉල්ලා ඇති අතර තමා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන බව පවසා ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී පවා මෙවැනි බලපෑම් එල්ල නොවූ බව පවසන උවිඳු මහතා, මේ සම්බන්ධයෙන් වහාම ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා දැනුවත් කර තිබේ. ආරක්ෂක ලේකම්වරයා ඒ පිළිබඳව සොයා බලන බව පැවසුවද, දින කිහිපයක් ගත වන තුරුත් නිසි පිළිතුරක් ලැබී නොමැති බව ඔහු පෙන්වා දෙයි. විදේශගතව සිටින තමාට පවා මෙවැනි බලපෑම් එල්ල වන්නේ නම්, මෙරට සිටින මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටී.














