අමෙරිකාවේ ඉලිනොයිස් (Illinois) ප්‍රාන්තයේ හිස්ව පවතින සෙනෙට් මණ්ඩල අසනය සඳහා පැවැති ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රාථමික මැතිවරණයෙන් ඉන්දීය සම්භවයක් සහිත කොන්ග්‍රස් සභික රාජා ක්‍රිෂ්ණමූර්ති පරදා ජුලියානා ස්ට්‍රැටන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව තිබේ. වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය මෙම ජයග්‍රහණය නිල වශයෙන් තහවුරු කර ඇත.
වසර 30කට අධික කාලයක් සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ දේශපාලනඥ ඩික් ඩර්බින් (Dick Durbin) යළිත් එම ධුරය සඳහා තරග නොකරන බව නිවේදනය කිරීමත් සමඟ මෙම අසුන සඳහා දැඩි තරගකාරීත්වයක් නිර්මාණය විය
ජුලියානා ස්ට්‍රැටන් ප්‍රබල දේශපාලන සහයෝගයක් සහිතව මැතිවරණයට ඉදිරිපත් වූ අතර, රාජා ක්‍රිෂ්ණමූර්ති ද විශාල අරමුදල් ප්‍රමාණයක් යොදවමින් සිය ප්‍රචාරක කටයුතු මෙහෙයවුවද අවසානයේ ඔහුට පරාජය හිමිවිය
ඉලිනොයිස් යනු ඩිමොක්‍රටික් පක්ෂයට දැඩි පක්ෂපාතී ප්‍රාන්තයක් බැවින්, එළැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණයෙන් ජුලියානා ස්ට්‍රැටන් සෙනෙට් සභික ධුරය සඳහා තේරී පත්වීම ස්ථිර බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති
ඉලිනොයිස් ප්‍රාන්තයේ මුළු ජනගහනයෙන් 14.6%ක් පමණ අප්‍රිකානු-අමෙරිකානු (Black) ජනතාව වන අතර, ආසියානු-අමෙරිකානු ජනගහනය 6.3%ක් පමණ වේ. මෙම ජනවිකාස දත්ත ද මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බව පෙනෙන්නට තිබේ.
මෙම ජයග්‍රහණයත් සමඟ ජුලියානා ස්ට්‍රැටන්, ඩික් ඩර්බින්ගෙන් පසු ඉලිනොයිස් ප්‍රාන්තය නියෝජනය කරන මීළඟ සෙනෙට් සභිකවරිය වීමේ මාවත විවෘත කරගෙන ඇත.














