• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජවිපේ 71 කැරැල්ල අද පාවා දිලා – මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

12 February 2024
in දේශීය, පුවත්
ජවිපේ 71 කැරැල්ල අද පාවා දිලා – මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජවිපේ 71 කැරැල්ල සහ 88 , 89 යුගයේ හැටදාහක තරුණ ජිවිත බිලිදුන් බවත් එවකට හැටදාහක තරුණයෝ ජිවිත පුජා කරනු ලැබුවේ මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑමට වූවද අද වන විට ජවිපේ එය පාවා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, “මේ කාලසීමාව ගත්තාම රටේ ජනතාවට ඉතාම අසීරු කාලසීමාවක්. රටේ ජනතාව කියලා ගත්තාම සමහරු හිතාගෙන සිටිනවා දේශපාලඥ්ඥයා අයිතිවෙන්නේ රටේ ජනතාවට නොවේ කියලා. දේශපාලඥයා කියන්නේ වෙනම කොට්ඨාශයක් කියලා තමයි හිතන්නේ. විදුලිබිල, බඩු මිල වැඩිවීම ජනතාවට බලපාන කරුණු දේශපාලඥයාට බලපාන්නේ නැත්ද? දේශපාලනඥයා කියන්නෙත් ඒ ජනතා ගොඩේ සිටින කෙනෙක්. අපි හැමොටම එය බලපානවා වගේම අපි හැමෝටම අමාරු කාලයක්. ඒ අමාරු කාලයේදී ජනතාව සිටින්නේ විවිධ මානසික මට්ටම්වල. ඒ නිසා ආණ්ඩුවක් විදිහට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් එක ප්‍රධාන අපිට මේ ප්‍රශ්න ටික කිය කියා ඉන්න පුළුවන් අවසරයක් අපිට මේ ජනතාව දිලා නැහැ. එය විපක්ෂයට දීලා තිබෙනවා. මොනදේ කළත් විපක්ෂයට පුළුවන් එහි හොඳ පැත්තකින් තියලා නරක පැත්ත ඉස්මතු කරලා පෙන්වන්න. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මොනවද මේවට තිබෙන විසඳුම් කියන එක. ඉතිහාසයේ ඉඳලා අපේ රාජ්‍ය නායකයෝ විවිධ විදිහට විසඳුම් ගෙනාවා. සිරිමාවෝ මැතිණියගේ කෘෂිකාර්මික ආර්ථිකයත් ඔවුන්ට ගැටලුවක්. ජේ.ආර් මැතිතුමා ගෙනාපු විවෘත ආර්ථිකයත් එක්ක ගෙනාපු කාර්මික ආර්ථිකයත් ගැටලුවක්. එදත් ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පළවෙනි පංතියේ විදිහට උගන්වනවා. ඉන්දියානු ව්‍යාප්තවාදය දෙවෙනි පංතිය විදිහට ජනතා විමුක්ති පෙරමුණ උගන්වනවා. 88, 89 මහා දැවැන්ත කැරැල්ල ආවා. චන්ද්‍රිකා මැතිණිය සාමාන්‍ය විදිහට ආර්ථිකය කරගෙන ගියා. ඔවුන් එයට දොස් කියන්න ආවේ නැහැ ඔවුන් චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ අනුර කුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය අරගෙන, රාජ්‍ය අමාත්‍යාංශ 04 ක් අරගෙන කරගන්න බැරි වුණා. ඔවුන්ට ජනතාව අතරට යන්න බැරි වුණා. එදත් ඔය සිද්ධාන්ත ටික ඔය විදිහට තිබුණා. ඊලඟට මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණ කෘෂිකාර්මික ආර්ථිකය, කාර්මික ආර්ථිකය දෙකම ඒකාබද්ධ කරගෙන ඒවත් සමඟම සේවා ආර්ථිකය ගෙනල්ලා පෝට් සිටි එක හරහා මේ හැම රාජ්‍ය නායකයෙක්ම අපේ රට යම් තැනකට ගේන්න උත්සහ කළා. අපේ අවාසනාවට අපේ රට නැගිටින හැම මොහොතකම අපේ රටේම විරුද්ධවාදීන් මේ රට බිමට ඇද්දා. යුද්ධය කරන අවස්ථාවේ ඕන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ නිසා අපේ රටේ කවුරු හොඳ දෙයක් කරන්න යනකොට කකුලෙන් අදින්නේ අපේ මිනිස්සුම තමයි. එතකොට රට ගොඩගන්න පුළුවන් ක්‍රමවේදය තීරණාත්මක සාධකය වෙන්නේ ජනතාව. මැතිණියගේ කෘෂිකාර්මික ආර්ථිකය හොඳ නැහැ කිව්වේත් ජනතාවනේ. ඊට පස්සේ හදෙන් හාල් ගෙනත් දෙන්න කියලා ජේ.ආර් මැතිතුමා ගෙනාවේ. ඒක එපා කියලා ප්‍රේමදාස මහතා ඇවිත් ටික කාලයක් ඉන්න දුනා එතුමාව එපා කියලා චන්ද්‍රිකා මැතිණිය ගෙනාවේත් අපේ රටේ ජනතාවනේ. චන්ද්‍රිකා මැතිණිය එපා කියලා මහින්දා රාජපක්ෂ මැතිතුමාව ගෙනාවේත් අපේ රටේ බහුතර ජනතාව. මහින්ද රාජපක්ෂ මැතිතුමාව එපා කියලා යහපාලන ආණ්ඩුව ගෙනාවේත් අපේ ජනතාවයි. යහපාලනය එපා කියලා ගෝඨාභය ජනාධිපතිතුමාව ගෙනාවේත් අපේ රටේ බහුතර ජනතාවයි. දැන් ගෝඨාභය ජනාධිපතිතුමා පලාගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ගෙනාවේ අපි. බහුතර ජනතාව නොවේ. අපි තමයි 134 ගෙනාවේ. නෙලුම් මාවතේ ඉඳන් බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි එහි මෙහෙයුම කළේ. ඒ අවස්ථාවේ තිබුණු ප්‍රශ්නය තමයි තෙල් පෝලිම. නමුත් අද තිබෙන්නේ තෙල් මිලේ ප්‍රශ්නය. එදා තිබුණේ එළවළු ටික ගන්න නගරයට එන්න බැහැ රට වහලා. අද තිබෙන්නේ කැරට් මිලෙහි වැඩි වීම. මම දැක්කා ප්‍රේමදාස මැතිතුමාගේ පුතා ඊයේ කැරට් පෙන්න පෙන්න දැන් ඔහු අනුරාධපුරයේ ගොවි පුතා වෙලා. කුඹුරකටවත් බැහැලා නැහැ. නමුත් ගොවි පුතාවෙලා. එහෙම තිබුණු රට දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබුණා ඒ අවස්ථාවේ තිබුණු ගැටලුවලට පිළිතුරු ටික ලබාදෙන්න. දැන් නැවතවතාවක් එනවා මේ අවුරුද්දේ මැතිවරණ වර්ෂය. මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක මොන මැතිවරණය කොයි කාලසීමාව තුළ මොන විදිහට තිබේද කියලා දන්නේ නැහැ. හැබැයි පොහොට්ටුව විදිහට අපි පුද්ගල චරිත මත යැපෙන්නේ නැතිව අපේ පක්ෂයේ සාදාදරණිය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් රාජපක්ෂ නාමයත් එක්ක ගොඩනැගුණු පක්ෂයක්. අපි පොහොට්ටුව විදිහට අපේ සංවිධාන කටයුතු බොහෝම පැහැදිලිව කරගෙන යනවා. ඒනිසා රටේ ආදරණිය රට වැසියන්ට මතක් කරන්නේ දේශපාලඥයා එකගොඩකට දාලා, ඔබ එකගොඩකට වැටිලා හැඟිම්වලින් තින්දු ගන්නේ නැතිව හදවතින් තීන්දු තිරණ අරගන්නේ නැතිව අනාගත දරුපරපුර ගැන හිතලා ඉතිහාස කතාව කියවලා බුද්ධියෙන් තීන්දු තීරණ ගන්න ඕන කාලයක්.
සජිත් ප්‍රේමදාස මැතිතුමා ගොවි සමුළුව අමතලා කියනවා එයා වී මිල වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. වී මිල වැඩිකරන්න බලාපොරොත්තුවෙනවා කියලා එකපැත්තකින් කියනවා වගේම අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේදී සහල් මිල අඩු කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා. වී මිලත් වැඩි කරලා සහල් මිලත් අඩුකරන ක්‍රමවේදය පිළිබඳව ආර්ථික න්‍යායන් පිළිබඳව පොඩි ගැටලුවක් තිබෙනවා. බදු ඉවත් කරන්නත් බලාපොරොත්තුවෙනවා රටවැසියාගේ සුඛවිහරණය සඳහා කියලා. අනිත් පැත්තට තිබෙන ප්‍රශ්නය තමයි බදු ගහන්නේ නැති වුණාම ඒ බදුවලින් ඇතිවන ආදායම කොහෙන්ද හොයාගන්නේ කියන කාරණාව ඉදිරිපත් කළා නම් තමයි සජිත් ප්‍රේමදාස සාර්ථක. අපිට තිබෙනවා වැඩපිළිවෙල .අපි ආණ්ඩුකරලා පුරුදු අය. මේ රටේ ගමයි නගරයයි යා කළේ කවුද? එදා තවලම් යුගය නැතිකරලා හරියට ගමේ නිෂ්පාදනය නගරයට එන්න ගමයි නගරයයි යා කරේ කවුද? රාජපක්ෂ යුගය. එය රාජපක්ෂ යුගයක්. ගමේ ආර්ථිකය හැදුවේ කවුද රාජපක්ෂ යුගය. එදා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විදිහට බැසිල් රාජපක්ෂ මැතිතුමා ගමේ ආර්ථිකය හදන වැඩපිළිවෙලක් එතුමා සාකච්ඡා කළා. අදටත් අපි නතර කරලා නැහැ. ඒ නිසා අපිට තිබෙනවා වැඩපිළිවෙලක්. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නේ බොරු තර්ක ඉදිරිපත් කරන්නේ නැතිව ජනාධිපතිවන සිහිනයක් තිබෙනවානම් ඇත්ත කතාව ජනතාවට ඉදිරිපත් කරලා නැතිවෙන ආදායම අඩුවන ආදායම හොයාගන්නේ කෙසේද කියන තර්කානුකූල කරුණු ඉදිරිපත් කරන්න. සරල ලපටි දේවල් නොකියා මේ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සුදුසුයි කියන මානසිකත්වය ජනතාවට දැනෙන විදිහට හැසිරෙන්න කියන ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතාගෙන් බොහෝම පැහැදිලිව කරනවා.
අනුර කුමාර මහතා දැන් කතා කරන්නේ කටින්ද? අනුර කුමාර සහෝදරයා ගැන මට දුක නැහැ. පවු විජිත හේරත් . ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදි මුහුණ රතුවෙලා, ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරිව අනුර කුමාර සහෝදරයා කරන මේ වැඩවලට. පංති පහේ දෙවෙනි පංතිය තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. ඉස්සර කිව්වේ බොම්බායිවලින් ගෙනාවා නිසා බොම්බයි ලුණු කිව්වා. බොම්බයි ලුණු කිව්වොත් කට කපනවා කිව්වා. ඒ නිසා ලොකු ලුණු කියන්න කිව්වා. ඉන්දියානු ව්‍යාපත්වාදයත් එක්ක මොවුන් එහෙම කිව්වේ. මේ ගෝලියකරණයත් එක්ක තනියම යන්න බැහැ. ඉන්දියාවත් සමඟ සහයෝගය අනිවාර්යයෙන් අවශ්‍යයි. චීනය, ඇමරිකාව, රුසියාව, ජපානය මේ සියලූම රටවල් වල සහයෝගය අවශ්‍යයි. අපේ වගේ රටකට ජාත්‍යන්තර සම්බන්ධතා අවශ්‍යයි. අපි එය කිව්වේ ඉතිහාසයේ ඉදලා. මේ රට සංවර්ධනය කරනකොට , පෝට් සිටි එක හදනකොට ගල් ටික මදිවෙනවා කියලා මහා හෑලි ටිකක් කිව්වා. ඒක කියලා ලැජ්ජනැතිව VIP පර්යන්තයෙන් තමයි හොරෙන් රට ගිහින් තිබෙන්නේ. නමුත් එනකොට VIP පර්යන්තයෙන් එන්න බැරි වුණා. අනිත් අය යනකොට VIP පර්යන්තයෙන් ඒවා විගඩන් නාඩගම්. වියදම් කියනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා අතින්ගෙවලා තේ ටිකකට VIP පර්යන්තයෙන් හරහා පැමිණලා එන අයට තේ ටික දෙනකොට ගුවන්තොටුපොල වියදමක් කියනවා. ඔහු ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ විදේශ කටයුතු ඇමතිතුමාව හමුවෙනවා. යුරෝපයට බැන බැන යුරෝපීය ඇදුම ඇඳගෙන ස්මාට් කොල්ලෙක් විදිහට ගිහිල්ලා දෙකට නැමුණා අනුර කුමාර මහතා ඉන්දියාවේ නායකයෝ ඉදිරියේ. ඉංග්‍රිසි භාෂාව බැරිවීම ශ්‍රී ලංකාවේ අභිමානයට ගැටලුවක් නොවේ. හැබැයි දෙකට නැවීම ගැටලුවක්. ඒ නැමෙන එක රටට ගැලපෙන්නේ නැහැ. අමුල් එකේ ප්‍රධානියා හමුවෙන්න ගිහිල්ලා ඒ ගහපු ගිවිසුම මොකක්ද කියලා අපිට කියන්න. ඒ නිසා අනුර කුමාර සහෝදරයා අපිට සතුටුයි ජාත්‍යන්තරයට යන එක. හැබැයි අපි ඉන්දියාවට යන කොට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. එතකොට අනුර කුමාර මහතා ටයිකෝට් දාගෙන ඉන්දියාවට ගිහිල්ලා දුන්නේ මොනවාද කියලා දැනගන්න අවශ්‍යයි. එදා ඉන්දියාවට විරුද්ධව හිටපු අනුර කුමාර සහෝදරයා දැන් ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලට යන්න ඕන කියලා කියනවා. ඒ නිසා අනුර කුමාර සහෝදරයාට බොහෝම පැහැදිලිව මතක් කරනවා අපිට දුක තියෙන්නේ 71 කැරැල්ලෙත් 88 , 89 යුගයේත් හැටදාහක තරුණයෝ බිලිදුන්නා. එදා හැටදාහක තරුණයෝ ජිවිත පුජා කළේ මේ ප්‍රතිපත්ති ඉස්සරහට ගේන්න. ඒ හැටදාහම පාවා දුන්නා ඒ අනුර කුමාර. හැමදාම අපි දැක්කේ පවාදීමයි. ශ්‍රී ලංකා අභිමානය, සිංහල බෞද්ධකම පාවා දෙනවා. අද ආගම පාවා දෙනවා. අනුර කුමාර දිසානායක මේ දෙබිඩි පිළිවෙත අනුගමය කරලා බැරි වෙලාවත් (කවදාවත් වෙන්නේ නැහැ) හිනෙන් හරි ජනාධිපති සූට් එක ඇන්දොතින් එහෙම ලංකාවේ පළවෙනි සියදිවිනසා ගත්ත ජනාධිපතිවරයා බවට පත්වෙන්නේ අනුර කුමාර දිසානායක මැතිතුමා. ජනතාවට ඇත්ත කියලා ඡන්දය කරන්න එන්න කියලා කියනවා. අපි මේ හැමදේටම සූදානම් වෙමින් අපි මේ වන කොට අපි ඉතා සාර්ථක වැඩපිළිවෙලක් කරගෙන යනවා. විශේෂයෙන් පක්ෂයේ නායකයින්ගේ ආශිර්වාදය මැද්දේ, නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීම යටතේ දසබලසේනා වැඩසටහන අපි පොලොන්නරුවෙන් ආරම්භ කළා. ඉතා සාර්ථක වැඩපිළිවෙලක්. ඒ හරහා පක්ෂයේ බිම් මට්ටමේ කටයුතු ටික ඉතා සාර්ථකව අපි කරගෙන යනවා. ඇදහිලි යාග හෝම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ කතා කළා. මුට්ටි වතුරට දැම්මා කිව්වා. මල් වට්ටි අරගෙන හැමදාම මහින්ද රාජපක්ෂ මැතිතුමා නායක හාමුදුරුවො බැහැදකින්න යනවා කිව්වා. නමුත් මම දැක්කා විජිත හේරත් මහතා ජටාවක් බැදගෙන තිරුපති වදින්න යනවා. විජිත හේරත් සහෝදරයා තිරුපති යන්නෙත් ඇදහිල්ලක් තමයි. ඔබට හැකිනම් තිරුපති වදින්න, අපට හැකිය දළදා වදින්න, ශ්‍රී මහා බෝධිය වදින්න.”යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 7,434
Previous Post

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුවයි -මන්ත්‍රී මරික්කාර් 

Next Post

ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වාසි රැසක් – මහබැංකුව

editor ttvnews

editor ttvnews

Next Post
ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වාසි රැසක් – මහබැංකුව

ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වාසි රැසක් - මහබැංකුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved