27 April 2024
#දේශීය #පුවත්

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුවයි -මන්ත්‍රී මරික්කාර් 

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටුවට බලයේ රැඳි සිටීමට හැකි ආකාරයට මැතිවරණය කල්දමන , විධායක ජනාධිපතිධූරය අහෝසි කරන වැඩපිළිවෙළට සමගි ජන බලවේගය සහය ලබාදෙන්නේ නැති බව හෙතෙම පැවසිය.

රට තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට හැකි වන්නේ දක්ෂිණාංශික ආර්ථික රාමුවක් තුළ සිටිමින් ලෝකය සමඟ සම්බන්ධතා තිබෙන ලෝකය සමඟ ගණුදෙනු කිරීමට හැකි කණ්ඩායමකට පමණක් බවත් ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි වැඩපිළිවෙළක් තිබෙන කණ්ඩායමක් බවත් ඒ වැඩපිළිවෙල තිබෙන්නේ සමගි ජන බලවේගය සතුව බව ජනතාව දන්නා බවත් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ‘‘ජනාධිපතිවරයා පරදින්න ඡන්දය ඉල්ලන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ දෙවතාවක් පැරදුවා. 2010 දී ජනාධිපතිවරණයට වෙනත් අශ්වයෙක් ගෙනත් දැම්මා. 2015 දීත් ජනාධිපතිවරණයට වෙනත් අශ්වයෙක් ගෙනත් දැම්මා. මේ පාර ජනාධිපතිධුරය රනිල් වික්‍රමසිංහට හමුවුණේ පිනට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජනතාව සිටින රැස්වීම් වලට යන්නේ නෑ. ඔහු යන්නේ රාජ්‍ය නිලධාරින් සිටින උත්සහ වලට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන රැලිවලට යන්න බයයි. විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි. නමුත් විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව. රනිල් වික්‍රමසිංහට සහ පොහොට්ටුවට බලයේ රැඳි සිටින්න පුළුවන් ආකාරයට මැතිවරණය කල්දාන්න විධායක ජනාධිපතිධූරය අහෝසි කරන වැඩපිළිවෙළට සමගි ජන බලවේගය සහය ලබාදෙන්නේ නෑ. රාජ්‍ය නොවන සංවිධාන විධායක ජනාධිපතිධූරය ගැන කතා කරනවා. නමුත් ඔවුන් බදු බර අඩුකරන්න කියලා කතා කළේ නෑ , ගෙවල් ලක්ෂ 9 විදුලිය විසන්දි කරන අවස්ථාවේ වචනයක් කතා කළේ නෑ. ළමයි හාමතේ ඉන්න එක ගැන වචනයක් කතා කළේ නෑ. විධායක ජනාධිපතිධුරය අහොස් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතුයි. නමුත් පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් නෑ. රට ලේ විලක් වන අර්බුදය වළක්වා ගන්න ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතයට අවස්ථාව ලබාදෙන්න. ඒ අවස්ථාව ලබාදීලා ජනතාව තින්දු කරන ආකාරයට තීන්දු ගන්න පුලුවන්.‘‘යැයි මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *