කහතුඩුව අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10) සවස සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 34යි මිලිග්‍රෑම් 95ක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 800ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අංකුඹුර සහ ගල්හින්න යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 සහ 25 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනෙකි. අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කහතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














