• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලාවැව සිදෙනවා … වැසි ප්‍රර්ථනා කරමින් ගොවින් දේව කන්නලව්වක

21 August 2023
in දේශීය
කලාවැව සිදෙනවා … වැසි ප්‍රර්ථනා කරමින් ගොවින් දේව කන්නලව්වක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අස්වනු නෙලීමට ආසන්න තම ගොවිබිම් විනාශ නොවී ආරක්ෂා කර ගැනීමට අවශ්‍යය ජලය සපයා ගැනීම සඳහා වැසි ප්‍රාර්ථනා කරමින් මහවැලි එච් කළාපයේ ගොවීන් පිරිසක් ඊයේ (20) කළාවැව කඩවර දේවාලයේදී දේව කන්නලව්වක නිරත වූහ.

මහවැලි එච් කළාපයේ එප්පාවල කොට්ඨාශයේ ගොවි නියෝජිතයින් පිරිසක් කලා වැව වැව් බැම්මේ පිහිටි කඩවර දේවාලයට ගොස් මෙලෙස පොල් ගසා දේව කන්නලව්වක නිරත වූහ .අනතුරුව කලා වැවේ මේ වන විට පවතින ජල මට්ටම නිරීක්ෂණය කිරීමටද මෙම ගොවි නියෝජිතයින් කටයුතු කළ අතර, ඔවුන් කළාවැව ජලාශ කාර්යලයේ නිළධාරීන් හමුවට ගොස්, ජලාශයේ ජල මට්ටම හා ඉදිරියට ජලය නිකුත් කිරීම සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබීය.

මෙවර යල කන්නයේ වගා කළ තම ගොවි බිම් හෙක්ටයාර 25000 ක් මේ වන විට කළාවැවේ පවතින අවම ජල මට්ටම හේතුවෙන් අවධානමක තිබෙන බව මහවැලි එච් කළාපයේ ගොවීන් පවසති.තම අස්වනු නෙලීමට පෙර වගාවන්ට තව ජල මුර දෙකක් අවම හෝ ලබා දිය යුතු බවයි ඔවුන් පවසා සිටින්නේ.වලව කළාපයේ ගොවීන්ට අත්වූ ඉරණම මහවැලි එච් කළාපයේ ගොවීන්ටද අත් වේ යැයි බියක් පවතින බව මහවැලි එච් කළාපයේ ගොවි නායකයින් පවසති.ඒ බැවින් මේ සඳහා මැදිහත් වීමක් සිදු කර තම වගා බිම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍යය මැදිහත් වීම සිදු කරන ලෙස බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් පැවසීය.අක්කර අඩි ලක්ෂයක ජල ධාරිතාවක් ගබඩා කළ හැකි කළාවැව ජලාශයේ මේ වන විට ජල මට්ටම අක්කර අඩි 21 000 ක් පමණ බවත්,මෙවර ජල පංගුව අඩු වූ පසු එය අක්කර අඩි 18 000 කට පමණ අඩු වන බවත්, එම ජල ප්‍රමාණයෙන් පමණක් තමන්ගේ වගාවන්ට අවශයය ජලය ප්‍රමාණය ලබා දිය නොහැකි බවත් එහිදී ගොවි නායකයින් පැවසීය.තවත් ජල මුර 03 ක් තම ගොවි බිම් වලට අවශය බවත්, සැප්තැම්බර් මාසයේ අගභාගය දක්වාම ජලය නිකුත් කළ යුතු බවත් ගොවීන් පෙන්වා දුන්හ.මේ වන විට මහවැලි එච් කළාපේ ගොවීන්ගෙන් 40% ක් වී වගාව සිදු කර තිබෙන බවත්, 60% ක් අතුරු භෝග වගා කර තිබෙන බවත්, මහවැලි එච් කළාපයේ අවසානය වන නොච්චියාගම ප්‍රදේශයේ කුඹුරු මේ වන විටත් ජල හිඟයෙන් විනාශ වෙමින් පවතින බවත් ඔවුන් පවසා සිටියහ.

කළාවැව ජල හිඟයෙන් තඹුත්ත‌ේගම, ගල්නෑව, මීගලෑව, එප්පාවල, තලාව, න‌ොච්චියාගම හා මහඉලුප්පල්ලම යන කොට්ඨාහ 07 දැඩි අවධානමක පවතින බවත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම මේ වන විට 60% ක් පමණ පවතින බැවින් කළාවැවට අවශය ජලය කොත්මලය ජලාශයෙන් නිකුත් කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිති.එසේ නොවුණ හොත් මහවැලි එච් කළාපයේ හෙක්ටයාර 25 000 ක් විනාශ වීමේ අවධානමක් මතුවන බවත් මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

මහවැලි එච් කළාපයේ ව්‍යාපාර කමිටුවේ සමාජික වයි.එච් දිසානායක මහතා, “ගොවියන්ගේ ලොකු අදෝනාවක් තියෙනවා මේ කන්නත් අපිට නැති වෙයි කියලා, ඒ නිසා අපි කළාවැව බලන්න ආවා, ඊට ප්‍රථම අපි කඩවර දේවාලයට ගිහින් දේව කන්නලව්වක් කළා අපිට වැහි වතුර ලබා දෙන්න කියලා.අපි වැව නිරීක්ෂණය කරලා අපි ජල පාලන කාර්යාලයට ගියහම අපිට කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ ජල මුර 03 ක් දෙන්න පුලුවන් වෙයි කියලා.හැබැයි ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා කොත්මලේ තියෙනවා ඇති තරම් වතුර, ඒවා එච් කළාපයට දෙන්න පුලුවන් කියලා.නමුත් ඒ පොරොන්දු කඩින් කඩ කඩ කරලා තියෙනවා.අක්කර අඩි 2000 ක් දිනපතා දෙනවා කිව්වාට, අද 600 ක් දෙන්නේ, දවසකට 934 ක් කළාවැවෙන් එළියට දානවා, මේ නිසා ලොකු පරාසයක හිඩසක් මතු වෙනවා.ඒක කොහොම පුරවන්නද කියලා අපි දන්නේ නෑ. අපේ හෙක්ටයාර 25 000 ක් වගා කරලා තියෙනවා ගොවි පවුල් ලක්ෂයට එහා, ඒ සියල්ලෝම අදෝනාවක සුසුම්ලමින් ජීවත් වෙන්න‌ේ මේ කන්නයත් අපිට නැති වේවී කියලා.ඒ නිසයි අපි සියලු දෙනා මෙතන්ට ඇවිල්ලා දෙවියන්ටත් කන්නලව් කලේ අපිට මේ වතුර ටික ලබා ගන්න පුලුවන් වෙයි කියන විශ්වාසයෙන්, නිළධාරීන් යම් යම් ප්‍රකාශ කරනවා වතුර දෙන්න පුලුවන්, මේ වගේ වතුර ප්‍රමාණයක් තියෙනවා, මෙච්චරක් දෙන්න පුලුවන් කියලා.මොනවා කිව්වත් අද උඩවලව ගොවීන්ට අත් වූ ඉරණම දිහා බලන විට අපිටත් සැකෙන් බලන්න සිද්ධ වෙනවා, වතුර සම්බන්ධයෙන් ගොවිමහත්වරුන්ව හැමදාම නිළධාරීන් රවට්ටනවා, කොත්මලේ ජලාශයෙන් කිව්සෙක් 1000 ක් නිකුත් කළාම කළා වැවට ලැබෙන්නේ 600 ක් පමණ, මේ වීදිහට ජලය ලැබෙන කොට අපිට සැකයක්, ලොකු බියක් ඇතිවෙලා තියෙනවා අපේ කන්න සාර්ථක කර ගන්න පුලුවන් වෙයිදෝ කියලා, ඒ නිසයි අපි දේවාලයට ඇවිත් කන්නලව්වක් කලේ, ආණ්ඩුව පෙරලන්න නෙමෙයි අපි මේ කන්නලව් කලේ, වැහි වතුර ටිකක් ලබා ගෙන අපේ ගොවිතැන් සාර්ථක කරගෙන, අපේ දරු පවුල් ජීවත් කර ගන්නට පුලුවන් වාතාවරණයක් ලබා දෙන්න කියලයි කන්නලව් කලේ. ඒ වගේම අපි ජල පාලක ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට පොරොන්දු වූ පරිදී ඒ ජල පංගුව අපිට ලබා දෙන්න.එහෙම නොවුනහොත් විශාල අර්බුධයක් ඇති වෙනවා මේ එච් කළාපය තුළ, උඩවලව කළාපයේ ගොවියෝ අවසාන මොහොතේ පුදුම අපහසුතාවකට පත් වුණා, ඒ වගේ එච් කළාපයේ ගොවියාත් පාරට ඇද දමන්නේ නැතිව අපිට අවශ්‍යය ජල මුර 03 ලබාමා මේ දීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

එහිදී අදහස් දැක්වූ එප්පාවල කොට්ඨාශ අනුකමිටුවේ 401/ඩී 1 ගොවිසංවිධාන‌ේය සභාපති අතුල දිසානායක මහතා,

අපි කළාවැව නිරීක්ෂණය කරා, කඩවර දේවාලයේ පූජාවක් පැවැත්වූවා, හෙක්ටයාර 25 000 ක් වගා කරලා තියෙන එච් කළාප‌යේ 60% ක් තියෙන සෝයා බෝංචි වගාව, මුං, කවුපි වගාවන්, 40% ක් තියෙන වී වගාව ආරක්ෂා කර ගන්න අපිට අවශ්‍ය ජල මුරය ගන්න පුලුවන්ද කියලා සාකච්ජා කර ගන්න අපි ආවේ, ඒ වෙලාවේදී අපි දැකපු දේ තමයි මේ වන විට කළාවැව අක්කර අඩි 21000 කට බැහැලා, දකුණු ඉවුරෙන් යන වතුර ප්‍රමාණය තව දින දෙකතුනකින් යවා ගන්න බැරි වෙනවා. කියුසෙක් 950 ක් වැවෙන් ඉවතට යන කොට වැවට එන්නේ කියුසෙක් 400-500 ක ජල පංගුවක්. මෙහෙම ජලය පුරවලා ඊළඟ ජල මුරයට අවශ්‍යය අක්කර අඩි 14 000-12000 ක ප්‍රමාණය කොහොමද වැවට පුරවා ගන්නේ.ඊළඟ ජල මුරය අපිට දෙන්නේ දින කීයකින්ද? මේ වගේ බරපතල ප්‍රශ්නයක් අපිට මතු වෙලා තියෙනවා.ඒ නිසා ඉතාම ඔ්නෑකමින් වාරී මාර්ග අධ්‍යක්ෂතුමන්ගෙන්, ජල පාලන ලේකම් කාර්යාලයෙන් අපි ඉල්ලන්නේ, උඩවලව අහිංසක ගොවියාට අත්වූ ඉරණම අපිටත් ඇති කරන්න එපා, අපි බොහෝම කරුණාවෙන් ඉල්ලන්නේ වැවට ඇවිත් බලන්න, අ‌පේ වගාවන්ට තව ජල මුර 03 ක් පමණ අවශ්‍යයි, තව දින 10-12 ක් ඇතුළත මේකට විසඳුමක් දුන්නේ නැත්නම් උඩවලවේ ගොවියට වගේ අපිටත් පිදුරු වලට තමයි වතුර හරවන්න වෙන්නේ.කරුණා කරලා කොත්මලේ ජලාශයේ ඇති අපේ ජල පංගුව ලබා දීලා අපේ ජන ජීවිතය ආරක්ෂා කර දෙන්න කියා ඉල්ලා සිටිනවා.

කෘෂිකර්ම ඇමතිතුමා වෙලාවෙන් වෙලාවට එක එක දේවල් කියනවා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්‌වේ නෑ කියනවා, අක්කර 50 000 -100 000 විනාශ වෙයි කියනවා, කළාවැවේ ගොවියන්ටත් වෙන්නේ මේකද? එක එක ඇමතිවරයා අර පැත්තට, මේ පැත්තට බෝලේ පාස් කරලා ගොවියා අසරණ කරන්න එපා.සුරංගනා කථා අපිට වැඩක් නෑ, අපි ඇමතිතුමාගෙනුත්, අධ්‍යක්ෂතුමන්ගෙනුත් ඉල්ලන්නේ කළාවැවට අවශ්‍යය ජල ප්‍රමාණය කොත්ම‌ලේ තියෙනවා නම් කරුණා කරලා අපේ ජල මුර 03 ට අවශ්‍යය ජලය කළාවැවට පුරවලා දෙන්න.එහෙම වුණොත් තමයි මහවැලි එච් කළාපයේ හෙක්ටයාර 25000 ක අස්වැන්න මේ රටේ ජාතික ධනයට එකතු වෙන්නේ යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ එප්පාවල 403/ඩී3 සොහොයුරෝ ගොවි සංවිධානයේ සභාපති බන්දුල පියරත්න මහතා, 

අපේ යල කන්නයේ වගාවන් සාර්ථක කර ගැනීම සඳහා තවත් ජල මුර 03 ක අවශ්‍යයතාවය තියෙනවා, ඒ ජල ප්‍රමාණය කලාවැවේ තියෙනවාද කියලා පරික්ෂාව තමයි අපි කලේ, ජල පාලක කාර්යාලයට අපි ගියා, එහිදී කිව්වා මේ වන විට කළාවැවේ අක්කර අඩි 21 000 ක් මේ වන විට තියෙනවා කියලා.හැබැයි එක් ජල මුරයකින් මහවැලි එච් කළාපය තෙත් කරන්න අක්කර අඩි 12000 ක් -14 000 ක් ඔ්න, මේ ආකාරයේ ජල මුර 03 ක් අපිට තව ඔ්න වගාවන් සාර්ථක කර ගන්න.කළාවැවේ තියෙන ජල ධාරිතාවත් එක්ක අපිට මේ ජල මුර 03 දෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා.ඒ නිසා අපි ගොවියෝ විදිහට කළාවැව් බැම්මේ තියෙන කඩවර දේවාලයට ගිහින් පූජාව තියලා, දෙවියන්ට කන්නලව් කළා වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමණාකාරීත්වයටත් කන්නලව් කරලා කියන්නේ මේ ගොවි අම්මා -තාත්තාගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.අපි දැක්කා වලවේ ගොවියාට අත්වුණ ඉරණම, මේ අනතුර දැකලා වලවේ ගොවියෝ නිළධාරීන්ට ආයාචනා කළා, වතුර ටික දීපල්ලා අපේ වගාව බේරා ගන්න කියලා.හැබැයි බීරී අලින්නට වීනා වයනවා වගේ අවසානයේ වගාවන් පිදුරු බවට පත් වුණා.පිදුරු වුණාට පස්සේ ජලය නිකුත් කලේ කිසි තේරුමක් නැතිව.ඒ නිසා අපි කියන්නේ මහවැලි එච් කළාපයේ ගොවියටත්, වලවේ ගොවියාට අත්වුණ ඉරණම ඇති කරන්න සිද්ධ කරන්න එපා.ගොවියාගේ ජීවිත ආරක්ෂා කරන්න.බොහෝම අමාරුවෙන් මේ යල් කන්නය ගොවියා වගා කරලා තියෙන්නේ.රටේ මොන ප්‍රශ්න තිබුණත් ගමේ මරණාධාර සමිතියට පවා ණය වෙලා ගොවියෝ මේ වගා කරලා තියෙන්නේ.ඒ ගොවියාගේ ජීවිතය තවත් මහපාරට ඇද දාලා, ජීවිතය විනාශ කරන්න එපා.දේශපාලන අධිකාරියට කියන්නේ, ඔයාලාගේ ගැලවුමට, දේශපාලන න්‍යාය පත්‍ර ආරක්ෂා කර ගන්න එක එක වචන කියන්න ලෑස්ති වෙන්න එපා, වලවේ අක්කර ලක්ෂයක් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ.අපේ හෙක්ටයාර 25000 විනාශ වුණොත් ඒකට ස්වභාදහම පලි කියලා කියන්න එපා.කොත්මලේ ජලාශයේ 60% ක් ජලය තියෙනවා.එහෙම ජලය දෙන්න හැකියාව තියෙද්දී මේ ගොවිතැන විනාශ වෙන්න හරිනවා නම්, අපි වෙලට අරන් යන කැත්ත උදැල්ල අරගෙන උඹලාගේ ගෙවල් ගාවට එනවා යැයි පැවසීය.

 

 

ඡායාරූප සහ වාර්තාව තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

හෙට්ටිපොල සිට කොළඹට ආපු නිදහස් පක්ෂ සංවත්සරය නිසා දයාසිරි කලකිරේ

Next Post

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්හි 2022 ලාභාංශය වැඩ බලන මුදල් ඇමැති ශෙහාන් වෙත

editor

editor

Next Post

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්හි 2022 ලාභාංශය වැඩ බලන මුදල් ඇමැති ශෙහාන් වෙත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025

Recent News

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved