27 April 2024
#දේශීය

හෙට්ටිපොල සිට කොළඹට ආපු නිදහස් පක්ෂ සංවත්සරය නිසා දයාසිරි කලකිරේ

කුරුණෑගල, හෙට්ටිපොළ ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය කොළඹ ශ්‍රී ලංකා ජයවර්ධනපුර කොට්ටේ ප්‍රදේශයේ හෝටලයට පැවැත්වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මුලිකත්වයෙන් කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ දී නිදහස් පක්ෂ සංවත්සරය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබු බව එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේය. නමුත් පසුගිය මැයි රැලිය මහනුවර ප්‍රදේශයේදී පැවැත්වීමේදී ඇති වු ගමනාගමන පහසුකම්වල අඩුපාඩුකම් හා වියදම් හේතුවෙන් මෙම සමුළුව කොළඹ පැවැත්වීමට පසුව තීරණය වී ඇත.

මේ වන විට සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගෙන සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර වැනි අමාත්‍යවරුන් ඊට පුර්ණ සහයෝගය ලබාදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව ඇති බවත් බොහෝ විට මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේ දී මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *