ආපදා හේතුවෙන් නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව යළි පදිංචි කරවීම සඳහා රජයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන නිවාස යෝජනා ක්‍රම කිහිපයක ප්‍රගතිය නිරීක්ෂණය කිරීම අද (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දිගන අඹකොටේ ප්‍රදේශයේ ඉඩමක නව නිවාස යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති අතර එහි යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මීට අමතරව ගලගෙදර නියන්ගොඩ පල්කුඹුර ප්‍රදේශයේ දැනටමත් නිවාස ඒකක 10ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර එම කටයුතු ඉදිරි මාස 3 ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ඉදිකිරීම්වල ප්‍රමිතිය සහ ජලය ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර මෙම ව්‍යාපෘති හරහා අවතැන් වූ පවුල් රැසකට ස්ථිර නිවාස හිමිවනු ඇත.














