මහනුවර – යාපනය A9 ප්‍රධාන මාර්ගයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස මහයියාව ප්‍රදේශයේ ඉදිකරනු ලබන නව උමං මාර්ගයේ වැඩ කටයුතු මේ වන විට කඩිනම් කර තිබේ. රුපියල් මිලියන 700ක පමණ පිරිවැයක් දරා ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ එම කාර්යබහුල මාර්ග කොටසේ පවතින බර වාහන තදබදය අවම කිරීමයි.
මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම සංවර්ධන ව්‍යාපෘතිය අවසන් වූ පසු, මහනුවර සහ යාපනය යා කෙරෙන ප්‍රධාන ගොඩබිම් මාර්ගයේ ගමනාගමන පහසුව සහ කාර්යක්ෂමතාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම නගරය තුළ පවතින තදබදය මගහරිමින් වාහන ගමනාගමනය වඩාත් විධිමත් කිරීමට මෙම උමං මාර්ගය ඉවහල් වනු ඇත.














