එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ දූෂණ සහ අල්ලස් චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතා ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සලකා බැලූ අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත. මීට පෙර මෙම සිද්ධියේම සෙසු සැකකරුවන් දෙදෙනෙකුට විවෘත වරෙන්තුද නිකුත් කෙරුණි.














