කර්නාටක ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා මහතා විසින් ඊයේ (06) ඉදිරිපත් කළ 2026-27 අයවැය මඟින් එරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කිරීමට යෝජනා කර තිබේ. ඒ අනුව 8 වැනි ශ්‍රේණියේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක්ෂ 12.28ක් සඳහා කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ පුද්ගලීකරණය කළ ඩිජිටල් උපකාරක ගුරු පහසුකමක් (Personalized Digital Tutor) හඳුන්වා දීමට නියමිතය.
ධර්වාද් හි පිහිටි ඉන්දීය තාක්ෂණ ආයතනය (IIT Dharwad) සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 5ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙමඟින් සිසුන්ට තමන්ටම ආවේණික වූ වේගයකින් ස්වයං-අධ්‍යයනයෙහි නිරත වීමට අවස්ථාව සැලසේ.
මීට අමතරව, ඉන්දීය විද්‍යා ආයතනය (IISc) සහ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) සමඟ එක්ව “බෙන්ගලූරු රොබෝ විද්‍යා සහ AI නවෝත්පාදන කලාපය” (Bangalore Robotics and AI Innovation Zone) නමින් නව පර්යේෂණ මණ්ඩපයක් පිහිටුවීමට ද අයවැයෙන් යෝජනා වී තිබේ. මෙය කලාපීය වශයෙන් තාක්ෂණික දියුණුව සඳහා තැබූ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.













