සියාම් දේශයේ සිට මෙරටට උපසම්පදාව රැගෙන ආ ඓතිහාසික පුණ්‍ය භූමියක බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කර බුද්ධ ආවරණයක් සකස් කිරීම වරදක් සේ සලකා, තමන් වහන්සේ ඇතුළු උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේලා සිව්නමකට දින 29ක් පුරාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු වූ බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ පවසති. උන්වහන්සේ සඳහන් කළේ මෙය වත්මන් සිංහල, බෞද්ධ විරෝධී ආණ්ඩුවක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක් බවයි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඇප ලබාදීමට ත්‍රිකුණාමලය මහාධිකරණය ඊයේ (11) නියම කර තිබේ.














