• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ නව ඔක්සිජන් උත්පාදන බලාගාරය, ශල්‍ය දැඩිසත්කාර ඒකකය ජනතා අයිතියට

7 March 2024
in පුවත්, සංවර්ධන
කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ නව ඔක්සිජන් උත්පාදන බලාගාරය, ශල්‍ය දැඩිසත්කාර ඒකකය ජනතා අයිතියට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 37 ක වියදමින් ස්ථාපිත කරන ලද නව ඔක්සිජන් උත්පාදන බලාගාරය (OXYGEN GENERATION PLANT), රුපියල් මිලියන 20 ක වියදමින් ස්ථාපිත කරන ලද මහජන සෞඛ්‍ය ඒකකය (PUBLIC HEALTH UNIT) සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SURGICAL ICU UNIT) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (06) පස්වරුවේ සිදු කෙරිණි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව, ගුණාත්මකව හා කාර්යක්ෂමව පවත්වාගෙන යමින් ග්‍රාමීය ජනතාවට ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවාවක් ලබාදීම මුලික අරමුණ කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය දිස්ත්‍රික් මට්ටමින් සිදුකරගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම කටයුතු සිදු කෙරිනි.

යුනිසෙෆ් සංවිධානයේ මැදිහත්වීමෙන් සහ කැනඩා රජයේ පරිත්‍යාගයක් ලෙස කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ නව ඔක්සිජන් සැපයුම් ඒකකය (OXYGEN GENERATION PLANT) ස්ථාපිත කර ඇති අතර, මෙමගින් දිනකට ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 50 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. සිලින්ඩර් සහ Liquid (දියර) ඔක්සිජන් මිලදී ගැනීම සදහා කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල 2023 වසරේ පමණක් රුපියල් මිලියන 22 ක් වැය කර ඇත. මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය මගින් සෘජුවම රෝහලේ වාට්ටු සහ හදිසි ප්‍රතිකාර එ්කක සදහා ඔක්සිජන් ලබාදීමේ හැකියාව පවතින අතර, අතිරික්ත ඔක්සිජන් අවට රෝහල් වෙත ලබාදීම පිළිබදව ද අවධානය යොමු වී ඇත. ඉදිරියේ දී මෙම ඒකකය සූර්ය පැනල ඔස්සේ ක්‍රියාත්මක කිරිමට ද නියමිතය.

මෙම රෝහල ද ඇතුළුව නාවලපිටිය, අවිස්සාවෙල්ල, උඩුගම ආදී වශයෙන් රෝහල් 04 ක මෙලෙස ඔක්සිජන් උත්පාදක ඒ්කක මේ වන විට පිහිටුවා ඇත.

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SURGICAL ICU UNIT) හදිසි ප්‍රතිකාර ඇඳන් 06 කින් යුක්ත වන අතර, කොවිඩ් වසංගතය පැවැති කාල වකවානුවේ කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවාන් සදහා යොදාගත් එ්කකය මෙලෙස ශල්‍ය දැඩි සත්කාර ඒකකය ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම රෝග නිවාරණ අංශය ශක්තිමත් කිරිම අරමුණු කරගෙන ස්ථාපිත කරන ලද මහජන සෞඛ්‍ය ඒකකය (PUBLIC HEALTH UNIT) ද සෞඛ්‍ය ලේකම්වරයා අතින් මෙහිදී ජනතා අයිතියට පත් කෙරිනි.

මෙම අවස්ථාවන් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසුරිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිලි අංශයේ නිලධාරින්, කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගණී, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Post Views: 8,535
Previous Post

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

Next Post

දේශපාලන ඩීල් සංස්කෘතිය මේ අවුරුද්දෙන් අවසන් .. ජනතාව ආයේ රැවටෙන්නේ නෑ – මන්ත්‍රී හරිනි

editor ttvnews

editor ttvnews

Next Post
දේශපාලන ඩීල් සංස්කෘතිය මේ අවුරුද්දෙන් අවසන් .. ජනතාව ආයේ රැවටෙන්නේ නෑ – මන්ත්‍රී හරිනි

දේශපාලන ඩීල් සංස්කෘතිය මේ අවුරුද්දෙන් අවසන් .. ජනතාව ආයේ රැවටෙන්නේ නෑ - මන්ත්‍රී හරිනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved