ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ ටික්ටොක් (TikTok) වැනි සමාජ මාධ්‍ය වේදිකාවල තරුණ පරිශීලකයන් පැය ගණනාවක් තිස්සේ නිමක් නැති වීඩියෝ නැරඹීමට (Never-ending scrolling) හුරුවීම වැළැක්වීමට එම සමාගම් කටයුතු කළ යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් (Keir Starmer) අද (අප්‍රේල් 13) ප්‍රකාශ කළේය.
ළමුන් සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම (Curfews) සහ ඇප් (App) භාවිතය සඳහා කාල සීමාවන් පැනවීම වැනි පියවර මඟින් ළමුන්ගේ නින්ද, පවුල් ජීවිතය සහ අධ්‍යාපන කටයුතු කෙරෙහි සිදුවන බලපෑම පිළිබඳව බ්‍රිතාන්‍ය රජය මේ වන විට පර්යේෂණාත්මක මට්ටමින් නිරීක්ෂණය කරමින් සිටී.














