නව අභිනව නිවහල් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කිරීම වළක්වමින් එම පක්ෂයේ නායක අමිත් වීරසිංහ මහතාට එරෙහිව කැස්බෑව දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. පක්ෂයේ සභාපති ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ගෙන ඇත. 2026 මාර්තු 1 වන දින පක්ෂයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීම සඳහා පෙබරවාරි 12 වන දින පවත්වන ලද විධායක සභා රැස්වීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවත්, එහි තීරණ ශුන්‍ය සහ බලරහිත බවත් පැමිණිලිකරු තර්ක කළේය. ඒ අනුව මාර්තු 1 වන දින පැවැත්වීමට නියමිත රැස්වීම වැළැක්වීමටත්, අමිත් වීරසිංහ මහතා පක්ෂ නායකයා ලෙස පෙනී සිටිමින් මහජනයා නොමඟ යැවීම වැළැක්වීමටත් අධිකරණය නියෝග කළේය. මෙම නඩුවේ වැඩිදුර විභාගය 2026 මාර්තු 13 වන දිනට නියමිතව ඇත.














