ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වෙන රාජාභිෂේක මංගල්‍යයේදී බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු කිරුළු පැළදී බව බකිංහැම් මාලිගය නිවේදනය කල බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙවැනි එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු වේල්සයේ කුමරු ලෙස කටයුතු කළ ඔහු රාජ්‍යත්වයට පත්විය.
74 හැවිරිදි තුන්වැනි චාල්ස් රජු ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේදී ඔටුනු පළඳින 40 වැනි රජු බවට පත් වෙනු ඇති.
මේ අතර එංගලන්තයේ නව රජු ලෙස කිරුළු පැළදී තුන්වන චාල්ස් රජුගේ බිරිඳ වන කැමිලා බිසවට කිරුළු පැළඳීම රාජාභිෂේක මංගල්‍යයේදී සිදු විය.