27 April 2024
#දේශීය

බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය දැරියක් මරුට.. දරුවෙකු අතුරුදහන්

මතුරට, අඹගස්පිටිය ප්‍රදේශයේ බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය කුඩා දරුවෙකු සහ දැරියක් දියේ ගිලි අනතුරට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මතුරට පොලිසිය පැවුසවේ අද (06) දින දහවල් කාලයේ දී මෙම අනතුර සිදුව ඇති බව 119 පොලිස් මධ්‍යස්ථානයෙන් පණිවිඩයක් ලැබුණු බවයි.

මිය ගිය දැරිය වයස අවුරුදු 13 ක් වන අතර අතුරුදන් වු දරුවා වයස අවුරුදු 12 ක් වු මතුරට, තබරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මිය ගිය දැරිය තම ඥාතී සහෝදරයෙකු වන අතුරුදන්ව සිටින පිරිමි දරුවා සහ අවුරුදු 21 ක් පමණ වන ඔවුන්ගේ ඥාතී සහෝදරියක් ද සමඟ විහාරස්ථානයක පැවැති ධාතු ප්‍රදර්ශනය නැරඹිමට පැමිණ ඇති බව පොලිසිව කල මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

එහිදී දිය නෑම සඳහා මොරපාය විහාරය අසලින් ගලා බසින බෙලිහුල් ඔයට ගොස් දිය නාමින් සිටියදී දැරිය ඔයේ ගිලි ගසාගෙන යාමේදී ඇය බේරාගැනීමට කුඩා දරුවා උත්සාහ කිරීමේදී දෙදෙනාම දියේ ගසාගෙන ගොස් ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

පසුගිය ඥාතී තරුණිය විසින් අනතුර සම්බන්ධයෙන් ප්‍ර දේශවාසින් දැනුවත් කර ඇති අතර අනතුරට පත් දැරිය ගොඩට ගෙන රෝහල් ගත කර ඇති නමුත් එම දැරිය මිය ගොස් ඇත.

දියේ ගිලුණු අනෙක් දරුවා මෙතෙක් හමු වී නොමැති අතර මතුරට පොලිසිය සහ ප්‍රදේශවාලින් එක්ව අතුරුදන් වු දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත. මිය ගිය දැරියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රිකිල්ලගස්කඩ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර මතුරට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ නොසැලකිලිමත් හා අනාරක්ෂිත ලෙස ගංගා සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමෙන් මෙවැනි අනතුරුවලට ලක්වීමට සිදුවන බැවැනි දරුවන් පිළිබඳව ඉතා සැලකිලිමත්ව හා අවධානයෙන් යුතුව කටයුතු කල යුතු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *