කොලොන්නාව ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වයට ස්ථිරසාර විසඳුමක් ලබාදීම සඳහා වූ කොලොන්නාව ගංවතුර පාලන ව්‍යාපෘතිය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුණා.
වර්ග කිලෝමීටර 20 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර යන වැසි ජලය නිසි පරිදි බැස නොයා එක්රැස් වීම වැළැක්වීම මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රධානතම ඉලක්කයයි. ඒ අනුව ප්‍රදේශයේ පවතින ඇළ මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර වැසි ජලය බාධාවකින් තොරව ගලා යාමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සූදානම් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක් වන්නේ ප්‍රදේශයේ පිහිටි ඝන අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්ත ශාලාවලින් පිටවන අපජලය මෙම ඇළ මාර්ගවලට යොමු වීම සම්පූර්ණයෙන්ම වළක්වමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමයි. ඒ හරහා ඇළ මාර්ග පද්ධතිය අවහිර වීම වැළැක්වෙනවා පමණක් නොව ප්‍රදේශයේ පාරිසරික සුරක්ෂිතතාවයද තහවුරු වන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.














