• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වෙලා – අගමැති

10 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද වනවිට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භ කිරීම සහ ඊට සමඟාමීව විශ්වවිද්‍යාලයේ නව පිවිසුම් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව අද (10) පැවති උත්සව සභාව අමතමිනි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ජාතික ආරක්ෂාවට මෙන්ම තිරසර සංවර්ධනය අරමුණු කරගත් වෘත්තීමය නිලධාරීන් බිහිකරන මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයකි.

එහි මෙතෙක් පැවති ආරක්ෂක, වෛද්‍ය, ඉංජිනේරු, නීතිය, සෞඛ්‍ය, කළමනාකරණය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, පරිගණක, පරිසර හා අවකාශ යන පීඨ 09 ට අමතරව තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු අද දින මෙසේ ආරම්භ විය.

අග්‍රාමාත්‍යවරයා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පැමිණීම සහ තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භය සංකේතවත් කරමින් විශේෂ සමරු සටහනක් තැබූවේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් මෙහි දී අග්‍රාමාත්‍යවරයා සමරු තිළිණයක් පිළිගන්වන ලදි.

උත්සව සභාවට එක්වූ සම්භාවනීය අමුත්තන් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, පීඨාධිපතිවරුන් ඇතුළු අධ්‍යන කාර්ය මණ්ඩලය සමඟ අග්‍රාමාත්‍යවරයා මෙහි දී සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උත්සවයේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

” අපේ රජයන් හැම විටම අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමු කළා. උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල පද්ධතිය සහ පාසල් සංවර්ධනය කිරීමට අපි කටයුතු කළා. ඒ අනුව තමයි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න අපි කටයුතු කළේ. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මා ජනාධිපතිව සිටිය දී යොමු කළා.
ජනාධිපති ලෙස කටයුතු කරන අවධියේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත දෙවතාවක් මම ඇවිත් තිබෙනවා. කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කිරීමේ අවස්ථාවට 2007 දී මම සහභාගී වුණා. ඒ වගේම 2014 දී වේරහැර සමසෞඛ්‍ය විද්‍යා පීඨය විවෘත කිරීමේ අවස්ථාවටත් සහභාගි වුණා.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ, ප්‍රධාන පිවිසුම් සංකිර්ණය විවෘත කිරීම වගේම තාක්ෂණ පීඨයේ සමාරම්භක උත්සවය සඳහා අද මා පැමිණියේ තුන්වැනි වතාවටයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඇති කිරීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව ප්‍රකාශ කරන්න ඕනේ.සෑම වසරකම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව, ඉහළ යාමෙන් පැහැදිලි වන්නේ එහි සාර්ථකත්වයයි.
විදේශීය සිසුන් සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යාමෙන් පැහැදිලි වන්නේද ආරක්ෂක විශ්වවිද්‍යාලය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්වෙලා තිබෙන බවයි.
කොවිඩ් 19 වසංගතයට පෙර වාර්ෂිකව ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වුණා.එමඟින් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා යනවා. මෙය ජාතික වශයෙන් ඉතා බරපතල මුල්‍ය අර්බුදයකට මග පාදනවා.
උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට අපේක්ෂා කළ විශාල සිසුන් සංඛ්‍යාවක් රට තුළම රදවා ගනිමින්¸ ආරක්ෂක විශ්වවිද්‍යාලය ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය රටට ඉතිරි කර දීමට සමත් වූ බව අපගේ විශ්වාසයයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දුරදර්ශීව කටයුතු කරමින් කාලෝචිත හා ප්‍රයෝගික විසඳුම් සොයමින් රජයට දක්වන සහයෝගය අග්‍රාමාත්‍යවරයා ලෙස මම විශේෂයෙන්ම ඇගයීමට ලක් කරන්න ඕනෑ.
2022 සිට නව පීඨ දෙකක් හඳුන්වා දීම තවත් ඉදිරි පියවරක් ලෙස හඳුන්වා දෙන්න කැමති යි. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීම සඳහා අවස්ථා නොලද දක්ෂ සිසුන් සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීමෙන්, ඔබ විශ්වවිද්‍යාලය රටට විශාල සේවයක් කරනවා.
ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපගේ රජයන්වල ප්‍රතිපත්තිය වුණා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ප්‍රධාන පොරොන්දුවක් වුයේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කිරීම තුළින් දරුවන් විශාල පිරිසකට උසස් අධ්‍යාපන අවකාශ සලසා දීමයි. එය අපේ රජයේ දැක්මයි. ඒ අනුව ක්‍රියා කරමින් පසුගිය වසරේ දී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම් වැඩි කළා.
ජාතික අවශ්‍යතා හඳුනාගත් විශ්වවිද්‍යාලයක් ලෙස, අපේ අනාගත පරපුර සඳහා පිරිනමන උපාධි පාඨමාලාවල විෂය නිර්දේශය කාලානුරූපීව, කාර්මික හා තාක්ෂණික වශයෙන් හඳුනාගත් නව ප්‍රවණතා ඔස්සේ යාවත්කාලීන කිරීමද ඉතා වැදගත් වෙනවා.
It order to be globally competitive in the current job market, it is essential that students have good English communication skills and IT knowledge. I know that the Defense University prioritizes these skills in all its courses, which is why students graduating from KDU have that competitive advantage. As a result, it allows these students to qualify for high-level positions in various professions.
(ආරක්ෂක විශ්වවිද්‍යාලය දරුවන්ගේ සියුම් කුසලතා වර්ධනය සඳහා වෙහෙසක් හා පරිශ්‍රමයක් දරන බව අපි දන්නවා. වර්තමානයේදී දරුවන්ට තොරතුරු තාක්ෂණ කුසලතා සහ ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා තිබිය යුතුයි.
ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සියලුම උපාධි පාඨමාලාවල දී ඒ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙන්නේ. ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් විවිධ විෂය ක්ෂේත්‍රවල ඉහළ රැකියා සඳහා තෝරා ගැනීම ඒ සඳහා හොඳම සාක්ෂියයි.)
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් කළ මානුෂීය මෙහෙයුම පැවති කාලවකවානුවේ දී හා පශ්චාත් යුධ සමයේදී සන්නද්ධ හමුදාවන්ට තුවාලවූවන් රැකබලා ගැනීම සඳහා අතිරේක වෛද්‍යවරුන් අවශ්‍ය වුණා. ඔබ විශ්වවිද්‍යාලය ඒ සඳහා ද දායක වුණා. ඒ වගේම වෛද්‍ය පීඨය පිහිටුවීමෙන් සියලුම සන්නද්ධ සේවාවන් සඳහා වෛද්‍ය වෘත්තිකයන් බිහිකිරීමේ ජාතික වගකීම ආරක්ෂක විශ්වවිද්‍යාලය අකුරටම ඉටු කළ බව සිහිපත් කළ යුතුයි.
රටේ සංවර්ධනය නගාසිටුවීමට ඒ සඳහා සුදුසුකම්ලත් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා.නව තාක්ෂණ පීඨය පිහිටුවීමත් සමඟ සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය දක්ෂ වෘත්තිකයන් බිහිකිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් සහ රටේ දරුවන්ට විනයගරුක පරිසරයක් තුළ උසස් අධ්‍යාපන අවකාශ ලබා දෙමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඉටු කරනු ලබන විශිෂ්ට සේවාව අගය කළ යුතුයි. ඔබ සැමට තෙරුවන් සරණයි! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොතලාවල විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහත්වරු සහ පීඨාධිපතිවරුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු සිසුවියෝ රැසක් එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

ණය වර ලිපි නිකුත් නොකිරීමෙන් ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවධානමක් – රවි කුමුදේශ්

Next Post

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය -උප සභාපති ජනපතිට පවසයි

editor

editor

Next Post

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය -උප සභාපති ජනපතිට පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

24 June 2025
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025

Recent News

ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

24 June 2025
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved