27 April 2024
#දේශීය

ණය වර ලිපි නිකුත් නොකිරීමෙන් ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවධානමක් – රවි කුමුදේශ්

2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ් මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගොස්තු මාසයේ සිට බවයි.

ඒ සදහා තෝරාගත් සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කල පසු මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සදහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුලට පැමිනීම, ගබඩා කිරීම සිදු වන අතර 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තුරුත් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාදයකට ලක්ව තිබෙන බව හෙතෙම පැවසිය.

කොවිඩ් වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස අතිරික්ත වූ ඖෂධ නොවන්නට මේ වන විටත් රට තුල බරපතල ඖෂධ හිගයක් ඇති වී තිබිය යුතු නමුත්, ඉදිරිය පිළිබද නිවැරදි කළමණාකරණයක් සිදු නොවුණහොත් තව මාසයකින් පමණ රට තුල උග්‍ර ඖෂධ හිගයක් ඇතිවීම නොවැලැක්විය හැකි බව කුමුදේශ් මහතා පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *