බගවන්තලාව, කොටියාගල ඉහළ කොටස වත්තේ සේවය කරන වතු කම්කරුවන් පිරිසක් සිය දිනක වැටුප ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කරමින් සුවිශේෂී ආදර්ශයක් ලබා දී තිබේ. රට යළි ගොඩනැගීමේ අරමුණින් පිහිටුවා ඇති මෙම අරමුදල ශක්තිමත් කිරීම සඳහා ඔවුන් ලබා දී ඇති මුළු පරිත්‍යාග මුදල රුපියල් 110,050ක් බව වාර්තා වේ. තමන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද, ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් ඔවුන් දැක්වූ මෙම දායකත්වය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව ඇත.














