අමෙරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම් (DHS Secretary) ධුරයෙන් ඉවත් කරන ලද ක්‍රිස්ටි නෝම් (Kristi Noem) සහ ඇයගේ උපදේශක කොරී ලෙවන්ඩොව්ස්කි (Corey Lewandowski) අතර පවතින බවට කියන අනියම් සබඳතාවය පිළිබඳ චෝදනා අලුත් කරමින් ඔවුන් දෙදෙනා යළිත් එකට සිටින ඡායාරූප අන්තර්ජාලයට එක්ව තිබේ. ක්‍රිස්ටි නෝම් 1992 වසරේ සිට බ්‍රයන් නෝම් සමඟ විවාහ වී සිටින තැනැත්තියක වන අතර ඇය සහ ලෙවන්ඩොව්ස්කි අතර පවතින මෙම සමීප සබඳතාවය ඇයට සිය රජයේ තනතුර අහිමි වීමට ද ප්‍රධාන හේතුවක් විය.
ඇයට හිමිවූ නව තනතුරක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් විරෝධී සන්ධානයක (Shield of the Americas) අමෙරිකානු නියෝජිතවරිය ලෙස බටහිර අර්ධගෝලයේ රටවල් කිහිපයක සිදු කරන සංචාරය අතරතුර මෙම ඡායාරූප ලබාගෙන ඇත. විශේෂයෙන්ම ගයනා (Guyana) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ක්‍රිස්ටි නෝම් අසලින්ම ලෙවන්ඩොව්ස්කි අසුන්ගෙන සිටීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර ඔවුන් දෙදෙනා අතර පවතින සබඳතාවය මෙයින් තහවුරු වන බව සමාජ මාධ්‍ය පරිශීලකයෝ පවසති.
මීට අමතරව ඇය ඉක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නොබෝවා (Daniel Noboa) හමුවී විශේෂ ගෞරව සම්මානයකින් ද පිදුම් ලැබූ අතර එම අවස්ථාවලදී ද ලෙවන්ඩොව්ස්කි ඇය සමඟ සමීපව කටයුතු කරනු දක්නට ලැබුණි. මෙම සිදුවීමත් සමඟ “ඔබ මේ කරන්නේ කුමක්ද?” (Girl what is you doing) යනුවෙන් බොහෝ දෙනා ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර ධවල මන්දිරය විසින් ලෙවන්ඩොව්ස්කිව සේවයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සාධාරණ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














