• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ අර්බුද විසඳීමට අප වටා එක්වන්නැයි කුමාර් ගුණරත්නම් කියයි

14 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ රට මුහුණ දී ඇති අර්බුද විසඳීමට අපේ වැඩපිළිවෙළ වටා ඒකරාශි වන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, “ඔබ මිය ගොස් නැත” 32 වැනි ඉල් විරු සැමරුම වෙනුවෙන් ගාල්ල, බද්දේගමදී සංවිධානය කර තිබුණු උත්සවයට එක්වෙමිනි.

එහිදී ගුණරත්නම් මහතා මෙසේ අදහස් පල කලේය “වසර 32කට පෙර ජීවිත පූජා කළ සහෝදරියන් හා සහෝදරවරුන් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි සිහිපත් කරන්නෙ වාර්ෂික වතාවතක් ලෙස නොවෙයි. අද අප මුහුණ දෙමින් සිටින දේපාලන අභියෝග ජය ගනිමින් සමාජවාදය අරමුනු කරගත් අපේ දේශපාලන ව්‍යාපාරයේ ගමන්මග සකස් කරගැනීමට එදා ජීවිත පරිත්‍යාගයෙන් දේශපාලන අරගලය තෝරාගත් ඉල්මහ විරුවන්ගේ ආදර්ශය ලබා ගැනීම අපගේ අරමුණයි. මේ වනවිට අප මුහුණ දෙමින් තිබෙන සමාජ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට එදා 87-89 සමයේ ලාංකීය සමාජයේ අර්බුදයට සර්ව සම නොවුණත් යම් යම් සමාන ලක්ෂණ තිබෙනවා.

එදා ජේ ආර් ජයවර්ධන එකාධිපති බලයක් නිර්මානය කරගත්තා වගේම මේ අය 2020 මහමැතිවරණයෙන් පස්සෙ 20 වැනි සංශෝධනය සම්මත කරමින් විශාල බලයක් එකරාශි කරගත්තා. මේ වන විට මේ රටේ මිලිටරිකරණ ක්‍රියාදාමයක් සිදු කරමින් තිබෙනවා. අපි මේ කියන්නෙ අණ පිළිපදින සොල්දාදුවන් ගැන නෙවෙයි. රජයේ ඉහළ ස්ථානවල මර්මස්ථානවලට හිතවත් නිලධාරින් පත් කරමින් සිදුකරන ක්‍රියාදාමය ගැනයි. මේ ආකාරයට ධනපති පාලකයන් විසින් දේශපාලන බලය පාවිච්චි කිරීමට අමතරව මිලිටරි බලයෙන් ජනතාව පාලනය කරන්න යන්නෙම ජනතාව ඉල්ලා සිටින අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නොහැකි නිසා. ජනතාව ආර්ථික ගැටලුවලට සහන දෙන්න කියන විට ඒවා ඉටුකරන් පාලකයන්ට බැරි වුණාම පිළිතුරු දෙන්නෙ මර්දනයෙන් බව එචා 1980 දසකයේ අත්දැකීම් අපට පෙන්වා දෙනවා. අද මේ ගෝඨාභය රාජපක්ෂගේ පාලනය සිදුකරමින් සිටින්නේ ඒ ආකාරයේම ජතා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි මර්දනයක් ක්‍රියාත්මක කිරීමයි. මේ වනවිට අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් දිගින් දිගටම සිරගත කරමින් තිබෙනවා. චමීර කොස්වත්ත සහෝදරයා කෝෂිලා සහෝදරිය කිසිදු සාක්ෂියක් නොමැතිව සිරත කළා. ශිෂ්‍ය නායකයන් සිරගත කර තැබුවා. මේ වන විට අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවට විවිධ මාධයවලින් වාර්තා කර තිබෙනවා. ඒ නිසා මේ රටේ දේශපාලන ගමන්මග මර්දනකාරී ලෙස හසුරුවාගන්න වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. මේ තත්වය පරාජය කරන්න මේ රටේ ජනතාව සමග එක්ව කටයුතු කරන්න අපි සූදානම්. සමහර විට පාලකයන්ගෙ අරමුණ වෙන්න ඇත්තේ අපිව නැවතත් කැලේට තල්ලු කර දමන්න, අපෙ සහෝදර සහෝදරියන් හිතුමතේ අත්අඩංගුවට ගන්න සමහර විට ඝාතනය කරන්න මාර්ගය පාදගන්න වෙන්න ඇති. නමුත් අපි මේ රටේ පාලකයන්ගෙ අරමුණුවලට ජයග්‍රහණය කරන්න අවස්ථාව දෙන්න සූදානම් නෑ. එදා ජේ ආර් ජයවර්දන ඇතුළු පාලක පන්තිය ගෙන ගිය මර්දනකාරි අත්තනෝමතකි පාලනය පරාජය කරන්න සටන් වැදුණු, අපේ රටේ ජනතාව එම පාලනයෙන් නිදහස් කරගන්න, සමාජවාදය වෙනුවෙන් සටන් කළ ආදරණිය සහොදරියන් සහෝදරවරුන් ඝාතන කළ ආකාරයට කටයුතු කරන්න අපි මේ පාලකයන්ට ඉඩ දිය යුතු නෑ.

එවැනි මර්දනයක් ගෙන එන්න, ප්‍රජාතන්ත්‍රවිරෝධී පියවර ගන්න ආණ්ඩුව ගෙන යන පියවර, පරාජය කිරීමේ අරමුණින් මේ රටේ සියලු වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, තරුණයන්, ශිෂ්‍යයන්, වාමාංශිකයන්, සමාජ ක්‍රියාකාරිකයන් සමග අරගල කරන්න අපි සූදානම්. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයයිතිය රැක ගන්න අපි ඕනෑම ආකාරයේ පරිත්‍යාගයක් කරන්න සූදානම්. අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් හුදකලා කරමින් දඩයමට ලක් කිරීමට ආණ්ඩුව සූදානම් වුවත් අපි ඊට ගොදුර කරගැනීමට ඔවුන්ට අවස්ථාව දෙන්නේ නැති බවත් පාලකයන් ගෙන යන මර්දනකාරී පාලනය පරාජය කර ජනතාවගේ අරමුණු ජයග්‍රහණය කරගන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙහිදී අවධාරණය කළ යුතුයි.

මර්දනය මේ විදියට පාවිච්චි කරන්න හදන්නෙ පාලකයන්ට මේ රටේ ප්‍රශ්න විසඳන්න බැරි බව සනාථ වෙමින් මේ පාලකයන්ගෙ පාලනයම අභියෝගයට ලක්වන තත්වයක් තුළයි.
මේ වනවිට ආනයන සීමා කරමින් ජනතාවට ගැටලු ඇතිකර තිබෙනවා. මේ රටේ බහුතරයක් පරිභෝජන භාණ්ඩ ගෙන්වන්නෙ විදේශයන්ගෙන්. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න අසමත් වී තිබෙනවා. මේ දක්වා යාන්තම් කාල ඇඳලා ජීවත් වූ ජනතාවකට දැන් පරණ විදියටවත් ජීවත් වෙන්න බෑ. පෞද්ගලික අංශය මුලුමනින්ම අසරණ වෙලා. වෑන්වල, ත්‍රිරෝද වලින් ආර්ථිකය ගෙනයන අයට සහන දෙන්න අයවැයෙන් යෝජනා කරද්දි සිදුව ඇති දේ අපි දන්නවා.

සෑම තැනම විරෝධතා සිදුවනවා. මේ වනවිට විවිධ පාර්ශ්වවල විරෝධතා මර්දනය සිදුවනවා. අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. ඒ වගේම විරෝධතා දැක්වූ සහෝදර සහෝදරියන් ඇප නොදී සිරගත කරමින් තිබෙනවා. සිසු ජන ව්‍යාපාරයේ විරෝධතාව නිසා අත්අඩංගුවට ගත් අයට චෝදනා කළේ රාජ්‍ය දේපළ හානිකළ බවටයි. මහාමාර්ග ආඥාපනත යටතේ චෝදනා කරන්න තිබුණ දෙයක් ඇයි රාජ්‍ය දේපළ යටතේ චෝදනා කළේ. ඇප නොදී තබාගන්න අවශ්‍ය කුමන්ත්‍රණය තමයි ක්‍රියාත්මක කෙරුණෙ.

එහෙම තත්වයක් යටතේ අපි අද 32 වැනි ඉල් විරු සමරුව පවත්වන්නෙ. එදා පැති දුෂ්ට පාලනයට එරෙහිව, ජනතාව පීඩාවකට පත් කිරීමට එරෙහිව, කලාපීය වශයෙන් රට විදේශ බලයන්ට යටත් කරමින් ඉන්දියානු ආක්‍රමණයකට පාර කපා දුන් අවස්ථාවක තමයි එ සහොදරවරු අරගල කළේ. සමාජවාදය වෙනුවෙන් ඔවුන් ඒ අරගලය තුළ කැපවීම් කළේ. අද වවනවිට මේ පාලක කණ්ඩායම විසින් ඇතිකර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන ප්‍රති‍පත්ති නිසා රට විශාල ආර්ථික අගාදයක් කර යමින් ‍තිබෙනවා. කලාපීය බල අරගලයක සිටින ලෝකයේ බලවත් රටවල නයාය පත්‍රයන් අනුව මේ රටේ අනාගතය තීරණය කරන, ජනතාව බලවතුන්ගේ යුද තර්ජනයකට ගොදුරු කරන අවදානමක ඇද දමා තිබෙනවා. මේ වනවිට රට තුළ ගොඩ නැගෙන සමාජ ආර්තික අර්බුදය දුප්පත් පොහොසත් හෝ වෙනත් කිසිදු වෙනස්කමක් නොමැතිව සමස්ත සමාජයම ගොදුරු කරගන්න තැනකට ඇද දමා තිබෙනවා. මේක මේ පාලකයන් විසින් පමණක් නොවේ වසර දසක ගනනක් පාලක කණ්ඩායම් වරින්වර රටත් සමාජයත් ඇද දමා තිබෙන තත්වය මේක. වරින්වර විවිධ පොරොන්දු දෙමින් ජනතාව රවටා බලයට පැමිණි විවිධ පාටවලින් ජනතාව මංමුලා කළ දේශපාලන පක්ෂවල පාලනය විසින් මේ සමාජයට ඉතිරි කළ ප්‍රතිපලය මේකයි. යැයි කුමාර් ගුණරත්නම් මහතා පැවසිය.

 

Post Views: 1
Previous Post

මීගමුව රොටරි සමාජයෙන් ගැබිනි මව්වරුන්ට උපකරණ ලබා දෙයි

Next Post

සංවර්ධනයට හා ආර්ථික ඉලක්කය ජය ගැනීමට ඉදිරිපත් කළ අයවැයක් – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

editor

editor

Next Post

සංවර්ධනයට හා ආර්ථික ඉලක්කය ජය ගැනීමට ඉදිරිපත් කළ අයවැයක් - රාජ්‍ය අමාත්‍ය ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025
මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025

Recent News

ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025
මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved