2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඔමානයට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක තරගයේදී ප්‍රබල පිතිකරණයක නිරත වූ කුසල් මෙන්ඩිස් වේගවත් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය. ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි ඔහු, ඔමාන් පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය. කුසල්ගේ මෙම ඉනිම සහ පවන් රත්නායක පන්දු 24කදී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ වැඩි ගෞරව දිනා ගනිමින් ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කරමින් සිටී.














