මෙරට ක්‍රිකඩ් ක්‍රිඩකයින් ආබාධ නැතිව ක්‍රිඩා කලානම් දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟය ජය ගැනීමට හැකියාව තිබු බව මෙරට ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.
ඔහු දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟය පරාජයට පත්වීමත් සමඟ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය දින කිහිපයේදීම ශරීර යෝග්‍යතා කිරීමට සිය කණ්ඩායමට හැකියාව නොතිබු බවයි.
එසේම කණඩායමේ කිහිප දෙනෙකු ආබාධයකට ලක් වන විට අනෙකුත් ක්‍රිඩකයින් ද මානසිකව ඇඳ වැටීමට ලක් වන බව හෙතෙම පැවසිය.
කුසන් මෙන්ඩිස්ට පවා මේ අවස්ථාවේදී මානසික පිඩනයකින් සිටින අතර ඔහුට යම් විවේදකයක් ලබා දීමට කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න වැඩිදුරටත් කියා සිටියේය.