8 September 2024
#දේශීය

නාය යාමෙන් අස්ගිරිය මහාවිහාරයේ පැතිබම්ම හානියට පත් වෙයි

නාය යාමෙන් හානියට පත්වූ අස්ගිරිය මහාවිහාරයේ පැතිබම්ම හානියට පත් ව තිබේ.

එය නිරීක්ෂණය කරමින් අලුත් වැඩියා කිරිමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා කටයුතු ඇත.

පසුගිය 6 වනදා හදිසියේ නාය යාමෙන් හානියට පත්වූ අස්ගිරිය මහාවිහාරයේ පැති බැම්ම නිරීක්ෂණය සදහාත් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක අදාල කටයුතු සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම සදහාත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් එම සිද්ධිය ඇති වු මොහොතේදිම කටයුතු කර ඇත.

උස අඩි 40 ක හා පළල අඩි 30 ක පමණ කොටසක් මෙසේ කඩා වැටී තිබෙන අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ප්‍රතිසංස්කරණ කටයතු සදහා පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව මහාමාර්ග අමාත්‍යංශ නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වූ අතර කඩිනමින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරයා විසින් අදාල අංශ වෙත උපදෙස් ලබාදෙන ලදි.

 

 

මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *