27 April 2024
#ව්‍යාපාර

පාලන මිල ඉවත් කලාට අධික ලෙස වැඩි කරන්න ඉඩ දෙන්නේ නෑ – රාජ්‍ය ඇමැති ලසන්ත

රිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මෙම භාණ්ඩ වර්ග 4 එනම් කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති හා ගෑස් වෙනුවෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇති බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය 07 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර එයට එක් පිළියමක් ලෙස මෙම භාණ්ඩ වර්ග 4 වෙනුවෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වුවද පාලන මිල ඉවත් කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් අදාළ සමාගම් වලට අසාධාරණ, අධික මිල වැඩි කිරීමක් සිදු නොකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. අදාළ සියලු සමාගම් කැඳවා මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර එහිදී විශේෂයෙන්ම යම් සමාගමක් විසින් මෙම ලබා දී තිබෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගෙන අසාධාරණ ලෙස මිල වැඩි කිරීමක් සිදු කළහොත් නැවත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මිල පාලනය කිරීමට සිදුවන බව ද දන්වා ඇති බව හෙතෙම පැවසිය.

තවදුරටත් ඉතා කඩිනමින් භාණ්ඩ නිෂ්පාදනය වැඩි කොට භාණ්ඩ සුලභ කිරීමට කටයුතු කරන ලෙස ද ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ යම් මිල අඩු කිරීමක් සිදු කළහොත් එයට සාපේක්ෂව භාණ්ඩ වල මිළ අඩු කිරීමක් සිදු කළ යුතු බව ද දන්වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *