• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළිං මැඩියෝ වගේ හිතන්න එපැයි යැයි ලාන්සා විපක්ෂයට කියයි

23 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ළිං මැඩියන් සේ සිතන විපක්ෂය වරාය නගරය බිල්ලෙකු සේ මවා පාමින් රටට ඒමට නියමිතව තිබූ වැදගත් අයෝජන අවස්ථාවක් නැවැත්වීමට උත්සහ කළද එය පරාජයට පත්වූ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේසේ අදහස් පල කර සිටියේය “සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමයෙන් මිදී, අලුත් සංවර්ධන වැඩපිළිවෙළක්, නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී විවිධ පාර්ශවයන් විරුද්ධ වීම අපේ රටට සාමාන්‍ය දෙයක්. මෙම ව්‍යාපෘතිය තුළින් රටට සහ ජනතාවට හිමි වන පහසුකම් සහ ආර්ථික ප්‍රතිලාභ අවබෝධ කර දීම රටට ආදරය කරන කාගේත් යුතුකමක්. වරාය නගර යනු ලෝකයට අලුත් දෙයක් නොවෙයි. ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මූලෝපායික වශයෙන් ඉතා වටිනා ස්ථානයක පිහිටීමේ වාසිය ලබා ගනිමින් ආර්ථිකයේ නව පිම්මක් පැනීම අපි නොපමාව කළ යුතුයි. ඒ නිසා ලෝකය ගැන දන්නේ නැති අයට මෙය අමුතු දෙයක් ලෙස පෙනෙනවා. අපට තවදුරටත් ළිං මැඩියන් විදියට කටයුතු කරන්න බැහැ. ළිං මැඩියන් විදියට හිතන විපක්ෂය තමයි වරාය නගරය බිල්ලෙකු සේ රටේ ජනතාවට මවා පෙන්වන්නේ. අපේ රට මිත්‍රශීලි රටවල් සමග සමීපව කටයුතු කළ යුතුයි. ඒ සඳහා ආයෝජකයින්ට අපේ රටට පැමිණීමට අවස්ථාව සලසා දීම මෙම ව්‍යාපෘතිය හරහා සිදු කළ හැකියි.

මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කර ගන්නා ලද අවස්ථාවේත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආරම්භ කරන ලද අවස්ථාවේත් ඒ තුළින් රටේ ස්වාධීනත්වය අහෝසි වන බවත්, ලාංකිකයන්ගේ රැකී රක්ෂාවලට ප්‍රශ්නයක් විය හැකි බවත් එදත් විරුද්ධ වූ පිරිස් ප්‍රකාශ කළා. රටට ගලා ආ විදේශ ආයෝජන හරහා රැකි රක්ෂා වැඩි වී ජාතික ආදායම ද වර්ධනය වූ නිසා ඒ විරුද්ධවාදීන් නිහඬ වුණා. අපේ රජය කටයුතු කරන්නේ රටේ පවතින නිතී රාමුව තුළයි. එනිසා රටේ ජනතාව කිසිසේත් මෙවැනි ව්‍යාපෘති පිළිබදව බියට පත්විය යුතු නැහැ.

ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යාමට නම් රාජ්‍ය තාන්ත්‍රිකව පවතින සබඳතා වඩාත් ශක්තිමත් කර ගත යුතු අතර ඔවුන් සමග ආයෝජන අවස්ථාවන් ඇති කර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් අපේ රට විශාල ආර්ථික අර්බුදයකට පත් වෙනවා. ආයෝජන අහිමිවීම හේතුවෙන් අපේ රටට විදේශ විනිමය අහිමිවීම තුළ රුපියල බාල්දු වී, ඩොලරයේ අගය ඉහළ යාමෙන් භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යාම වළක්වන්න බැහැ. එමනිසා මිලියන 22 ක් වූ ජනතාව දැඩි අපහසුතාවයට පත්වීම වැළැක්විය නොහැකියි. එබැවින් රටේ ආර්ථික ස්ථායිතාවයක් ඇති කර ගැනීම සඳහා චීනය ඇතුළු මිත්‍රශීලී රටවල් සමග ආයෝජන අවස්ථා ඇතිකර ගත යුතුයි. ඒ සඳහා කොළඹ වරාය නගරය කදිම ආයෝජන අවස්ථාවක් බව පැහැදිළිවවම සඳහන් කළ යුතුයි” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.

Post Views: 2
Previous Post

අඩුපාඩු රෝහලින් විමසා ලබා දෙන්න.. වංචාවන්ට හසුනොවන්නැයි සුදර්ශනි ධනපතියන්ට කියයි

Next Post

හම්බන්තොට මහ රෝහලට PCR යන්ත්‍රයක් සඳහා රු.මිලියන 10 ක පරිත්‍යාගයක්

editor

editor

Next Post

හම්බන්තොට මහ රෝහලට PCR යන්ත්‍රයක් සඳහා රු.මිලියන 10 ක පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved